නියාගම ගංවතුරෙන් අවතැන් වූවන්ට ආධාර බෙදා දීම සාර්ථකව තවදුරටත්
පසුගියදා සිදුවූ හදිසි ජල ගැලීම් වලින් විපතට පත් ජනතාව මේ වන විට සිය නිවෙස් කරා පැමින තම නිවෙස් ඇතුළු අවට පරිසරය පිරිසුදු කර ගැනීමේ කටයුතු වල නිරත වී සිටී. ප්රදේශයේ විවිධ සමිති සමාගම් වල සහ රාජ්ය ආයතන එක්ව මෙම කටයුතු සදහා නොමද සහයෝගය ලබා දේ. මීට අමතරව නියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති අති විශාල ආධාර තොගය කිසිදු වංචාවක් සිදු නොවන පරිදි, ඉතා ක්රමවත්ව, සැලසුම් සහගත ලෙස සිදු කිරීමට නියාගම ප්රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්රගීත් රසික කුමාර මහත්මා සහ සහකාර ප්රාදේශීය ලේකම් කේ.චතුර මිහිදුම් මහත්මා විශේෂ වැඩ පිලිවෙලක් සකස් කර ඇත. ආපදාවට පත් වූවන් හටම පමනක් මෙම ආදාර ලැබෙන සේ, ඔවුන්ගේ සියලු තොරතුරු ලේඛණ ගත කර අදාල වසම් වල ග්රාම නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන් සහ ආර්ථික සංවර්ධන නිළධාරීන් හරහා මෙම ආධාර බෙදා දීමේ කටයුත්ත සිදු කෙරෙනු ඇත.
මෙම වැඩ පිළිවෙල නිසා ලැබුණු සියලු ආධාර ඉතා විනිවිද භාවයකින් යුක්තව අසරණ බවට පත්වූ අයටම ලැබෙන බව ඉතා පැහැදිලි වේ. මෙම කටයුතු සිදු කිරීමේලා සමස්ත ග්රාම නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරින් සහ නියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලීය සියලු නිළධාරීන්ගේ සහයෝගය නොඅඩුව ලැබී තිබුණි.
.බී.එච්.ඒ. ප්රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම
No comments:
Post a Comment