Tuesday, June 6, 2017

 කැකුළු ළමා සමාජ දරුවන්ට පාරම්පරික අත්කම් නිර්මාණ පිලිබද පුහුණු වැඩසටහනක්

     ගෝනාපීනූවල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මහතාගේ අදහසකට අනුව කොට්ඨාශයේ සියළුම සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන් සදහා පාරම්පරික අත්කම් නිර්මාණ පිලිබද පුහුණු වැඩසටහනක් මේ දිනවල ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් සිදු කෙරේ. මෙම වැඩසටහන යටතේ දරු දැරියන් සදහා පොල් අතු විවීම, පැදුරු විවීම, ඉදිකොල තොප්පි සෑදීම, පන්මළු සැදීම වැනි පාරම්පරික අත්කම් නිර්මාණ රාශියක් පිලිබද පුහුණුවක් ලබා දීමට නියමිතය. මෙම වැඩසටහනේ සම්පත් දායයින් ලෙස අදාල ප්‍රදේශයේම අත්කම් නිර්මාණ සදහා විශේෂ නිපුනතාවයක් ඇති සමෘද්ධි ප්‍රතිලාභීන් යොදා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් කිහිපයක පොල්අතු වීවීම පිලිබදව පුහුණුවක් මේ වන විට දරු දැරියන් හට ලබාදී ඇති අතර ඉදිරියේදී සියළුම පුහුණුවීම් ලබා දීමට නියමිතය. වැඩසටහන සදහා ගෝනාපීනූවල සහකාර ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මිය හා ගෝනාපීනූවල සමෘද්ධි බැංකු සමිති කළමණාකරු නිරෝෂා දිල්රුක්ෂි මිය විසින් උපදේශකත්වය හා නායකත්වය සපයයි.

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගෝනාපීනූවල

No comments:

Post a Comment