සමෘද්ධි සමාජ ආරක්ෂණයෙන් ක්ෂණික වන්දි මුදල්
ශ්රී ලංකා සමෘද්ධි දෙපාර්තුමේන්තුව මගින් ක්රියාත්මක සමෘද්ධි සමාජ ආක්ෂණයට දායක වී ඇති සමාජිකයින්ට ප්රමාදයකින් තොරව කඩිනමින් වන්දි මුදල් ලබාදීම දැන් ආරම්භ කර ඇත. ඒ අනුව එහි දායකත්වය ලබා ඇති යම් සාමාජිකයෙකු හෝ යැපෙන්නෙකු මරණයට පත්වුවහොත් දේහයේ අවසන් කටයුතු කිරීමට ප්රථමයෙන් අදාල වන්දි මුදල් ලබා දෙන ලෙස පුත්තලම දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ නාලක ප්රියශාන්ත මහතා උපදෙස් ලබාදී ඇත.
එම උපදෙස්වලට අනුව පසුගියදා මියගිය පුත්තලම මනල්තිව් වසමේ පාලක මන්ඩලය නියෝජනය කරන එල්.ආර්. චන්ද්රාවති මහත්මියගේ මවගේ අභාවය වෙනුවෙන් අදාල වෙක්පත භාර දිම එම වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි එම්.පී.වි. බාලනාදන් මහතා අතින් සිදුවිය.
ගමන සන්නිවේදක -
පුත්තලම
No comments:
Post a Comment