ගිනිගත්හේන නායයාම දිස්ත්‍රික් ගොඩනැගිලි පරයේෂන ආයතනයේ පරික්ෂාවට
ගිනිගත්හේන ප්‍රදේශයේ ගොඩනැගිල්ල ගිලා බැසිම නාය යාමක් සක්‍රිය විමක් නෙවෙයි. පොලවේ ස්වභාවයට නොගැලපෙන අයුරින් ගොඩනැගිලි ඉදිකිරිම නිසා ගොඩනැගිල්ල ගිලා බැසිමට හේතුවු බව නුවරඑළිය දිස්ත්‍රික් ගොඩනැගිලි පරයේෂන ආයතනයේ භූවිද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසයි.
එම ප්‍රදේශය සුපරික්ෂාවට ලක්කල භුවිද්‍යාඥ සමන්ත මහතා සිය නිගමනය මෙසේ ඉදිරිපත් කලාය. බෑවමු සහිත ස්ථානවල ගොඩනැගිලි ඉදිකිරිමේදි නිවැරදි ක්‍රමවේද අනුගමනය කල යුතුයි. පොලවේ තියෙන ස්වභාවයට අනුව භූවිද්‍යා තාක්ෂණය අනුව පරික්ෂණ කරලා නිවැරදි ක්‍රමවේදය අනුගමනය කල යුතුයි. මේ ස්ථානයේ ඒ වගේ නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරල නෑ. අපිට තේරෙන විදියට පුරවපු පස් තට්ටුවක් උඩ තමයි ඉදිකිරිම කරලා තියෙන්නේ. ගොඩනැගිල්ලේ බර දරාගැනිමට නොහැකිව තමයි ගිලා බැහැලා තියෙන්නේ. එම නිසා මේ සිදුවීම විශේෂ නාය යෑමේ තත්ත්වයක් විදියට දකින්නෑ.
මෙම සිදුවිම හා පේරගහමුල ගම්මානයේ පවුල් කිපයක් ආරක්ෂිත ස්ථාන වෙත තාවකාලිකව නවතා තිබෙන බැවින් ඔවුන් තම නිවාසවල තව දුරටත් වාසය කිරිම සුදුසුද යන්න විමසිමේදි මෙසේ පැවසීය. මෙම ස්ථානයේ තිබෙන්නේ ස්ථානීය ගැටළුවක්. මෙතනින් පරිබාහිරව තිබෙන ස්ථාන වලට මෙම සිදුවීමේ සම්බන්ධයක් නෑ. එම ස්ථාන වල ගැටළු තිබෙනවනම් එම ස්ථාන වෙනම පරික්ෂාවකට ලක්කල යුතුයී.
චන්දන ජයවීර
ගමන සන්නිවේදක
හැටන්
ගමන සන්නිවේදක
හැටන්
No comments:
Post a Comment