විපතට පත් ජනතාවට ආධාර සැපයීමේදි සුවිසල් මෙහෙවරක් සමෘද්ධි අංශයෙන්
පසු ගිය දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9 ක ජනතාව විපතට පත් වූ අතර මිනිස් ජීවිත 12 ක් පමණ දැයට අහිමි විය. එසේම 21000 ට අධික පවුල් ප්‍රමාණයක ජනතාව අවතැන් වූ අතර එකී දින කිහිපයක තුළ මිනිසුන් අසරණ වුයේ ඇතැම් විට බීමට පවා ජලය පොදක් නොමැතිවය. කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ හේතුවෙන් අසරණ වූ ජනතාවට කඩිනමින් සහන සැලසීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මැතිතුමන් විසින් දියත් කළ අතර මෙහිදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය යුහුසුළුව මෙහෙයවමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පිසූ ආහාර ජලය සහ වියලි ආහාර ලබා දීමට කටයුතු කරන ලදි.
මෙහිදී පරිත්‍යාගශීලින්ගෙන් ආධාර රැස් කිරීමටත් , එම පරිත්‍යාග අවශ්‍යතාව පරිදි ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ප්‍රවාහනය කිරීමටත් කටයුතු යොදන ලදි. මුල් දින දෙක තුළ ආහාර පිස පාර්සල් කර කොට්ඨාස වෙත බෙදා හැරීමේ කටයුතු ද සිදු කරන ලදි. එසේම ආධාර කඩිනමින් ජනතාව වෙත ලඟා කිරීමට හැකිවන පරිදි බෝට්ටු ලබා දීමටත් පියවර ගන්නා ලදි. ආධාර රැස් කිරීමේ සහ නිකුත් කිරීමේ මධ්‍යස්ථානය ලෙස ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාව වෙන් කර දෙමින් කාර්යය මණ්ඩලය මෙහෙයවමින් පීඩාවට පත් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සලසන ලදි.
ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ සියළු නිලධාරීන් මෙම ආධාර බාර ගැනීම් හා නිකුත් කිරීමේ කටයුතු සඳහා යොදවන ලද අතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා දිස්නා විතානගේ මැතිණියගේ සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදු කරන ලදි.
ප්‍රියන්ත කුමාර කාරියවසම්
විශේෂාංග සන්නිවේදක
ගාල්ල දිස්ත්‍රික්
No comments:
Post a Comment