Saturday, June 10, 2017

මහඑදණ්ඩ නව පාලක මණ්ඩලය පත්වේ

     කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව සංවිධාන ව්‍යුහයට අනුගත වෙමින් මහඑදණ්ඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ නව පාලක මණ්ඩලය තෝරා ගැනීම පසුගියදා සිදුවිය.
     මහඑදණ්ඩ සමෘද්ධි කලාපය ග්‍රාමනිළධාරී වසම් 8කින් සමන්විත වන අතර සමෘද්ධි බැංකුවේ 2961ක් වූ කොටස් කරුවන් අතරින් වසම් මට්ටමින් දස දෙනෙකු බැගින් 80 දෙනෙකුගෙන් යුතුව මහ සභාව කැදවා පාලක මණ්ඩලයට 15 දෙනෙකු තෝරා පත්කර ගන්නා ලදි.
    අප දෙපාර්තමේන්තුව ආරම්භක අවස්ථාවේ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක වූ ආකාරයෙන් ඉතා ඵලදායි සහ සක්‍රිය ලෙස නවීකරණය වී ඇති බවත් සියළු කොන්දේසි ඉවතලා බැංකුවේ සැබෑ හිමිකරුවන් වන බැංකුවේ කොටස් හිමියන් අතරින් බැංකුව සදහා පාලක මණ්ඩලය පත්වීම ඉතාම කාලෝචිත බවත් බැංකු කළමනාකරු සනත් කුමාරසිරි මහතා මෙහිදී පැවසීය

එල්. පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක - කරන්දෙණිය

No comments:

Post a Comment