Tuesday, July 4, 2017

ග්‍රාමීය සංවර්ධන සංවිධානයට නව කාර්යාලයක්

      පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොත්තුවිල්ලුව ග්‍රාමයට ජල පහසුකම් ලබාදනෙ පොත්තුවිල්ලුව ග්‍රාමීය සංවර්ධන සංවිධානයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති කාර්යාල ගොඩනැගිල්ලක් පසුගියදා (03) පුත්තලම සහකාර ප්‍රාදේශිය ලේකම් එස්.පි. වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත්ත කෙරිණි.

      සංවිධානය ආරම්භ කර මේවන විට වසර 05ක් පමණ වන අතර මෙතෙක් කාර්යාලය පවත්වාගෙන ගියේ  ප්‍රදේශවාශි අයෙකුගේ නිවසකය. නිමි වටිනාකම රු. 1300000.00 පමණ වන මෙම ගොඩනැගිල්ලට කිසිදු මුදලක් රජයෙන් ලබාගෙන නොතිබු අතර සමෘද්ධි සමිති සාමාජිකයින්ගේ හා ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් හා සංවිධානය සතු අරමුදලින් මෙය සාදා නිම කිරීම මෙහිදී විශේෂයෙන් සදහන් කල යුතුය.

    පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ ඩබ්. චතුරානි මෙනවිය, ග්‍රාම නිලධාරි මොහොමඩ් මුජාහිද්, සමෘද්ධි සංවර්ධන නිලධාරි ශානිකා ප්‍රියදර්ශනි,  ආර්ථික සංවර්ධන නිලධාරි, පාසැලේ විදුහල්පති වසන්ත වීරකුමාර මහතා සහ සංවිධානයේ සභාපති සරත් අත්තනායක මහතා ඇතුලු ගම්වාසින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම.

No comments:

Post a Comment