Tuesday, July 4, 2017

ගංවතුරින් ආපදා වු අයට සමෘද්ධි ආධාර 

    යක්කලමුල්ල  ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගංවතුරින් යටවු නිවෙස් හිමියන්ට සමෘද්ධි දෙපාර්තමේන්තුව  යටතේ  ලබා දෙන මුළුතැන්ගෙයි උපකරණ කට්ටල ලබා දීම යක්කලමුල්ල  ප්‍රාදේශයේ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ  දී සිදුවිය. 

    මෙම අවස්තාවට ගාලු දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මැතිතුමා ප්‍රධාන  ආරාධිත අමුත්තා  ලෙස සහභාගි වු අතර  උපකරණ කට්ටල  500ක් පමණ  බෙදාදීම  සිදුවිය. ප්‍රාදේශීය ලේකම් චන්දිම මුහන්දිරම් මැතිතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්  වෙත්තසිංහ මැතිණිය, මුලස්ථාන  ග්‍රාම නිලධාරී තුමා, මුලස්ථාන කලමණාකරු අනුර මහතා, මහා සංගම් අධ්‍යක්ෂක තුෂාන්ති උඩුකල මැතිණිය ඇතුලු  නිලධාරින් මෙම අවස්ථාවට  සහභාගි  විය.



ජේ. එල්. ගාමිණී
සමෘද්ධි සංනිවේදක -
යක්කලමුල්ල

No comments:

Post a Comment