Tuesday, July 4, 2017

මැදිරිගිරියේ සමෘද්ධී ගමන් මග 2017

    මැදිරිගිරිය ප්‍රාදේශිය සම්බන්ධීකරණ කම්ටු රැස්වීම 2017.06.29 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වූයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චි මහතාගේ මූලිකත්වයෙන් ගරු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටු සභාපති සිඩ්නි ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. සියළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතය වල ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගිවී සිටි අතර 2017 සමෘද්ධි වැඩසටහන පිළීබදව  මේ දක්වා ප්‍රගතිය හා ඉදිරි සැලසුම් ඉදිරිපත් කරන ලද්දේ මැදිරිගිරිය සමෘද්ධී මූලස්ථාන කළමණාකරු වන එස්.එම්. දුරුතු කුමාරි මහත්මිය විසිනි.

     එ අනුව ජිවනෝපාය සංවර්ධන වැඩසටහන වෙනුවෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් පවුල් 35 වෙනුවෙන්ද, අලෙවි සංවර්ධන වැඩසටහනට රුපියල් ලක්ෂ 02ක මුදලක් ප්‍රකතිලාභින් 08 දෙනෙක් සදහාද, පුහුණු හා දැනුවත් කිරිමේ වැඩසටහන් වෙනුවෙන් රුපියල් 187000/=ක් වෙන්වී ඇති බවත්, හරිත උයන වැඩසටහනට රුපියල් 60000/=ක මුදලක් සහ ආදර්ශ ගම්මාන ජීවනෝපාය සංවර්ධනය සදහා ලක්ෂ 20ක්ද, එම ගම්මානයේ යටිතල පහසුකම්  වෙනුවෙන්  ලක්ෂ 20ක්ද  වෙන්වී ඇති  බවත්, අඩු ආදායම්ලාභින්ගේ නිවාස සංවර්ධනය සදහා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ නිවාස 06ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් මෙම වසර තුල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අනුමත වී ඇති බව සදහන් කරන ලදි.

     සමස්ථ වෙන්වී ඇති මුදල රුපියල් 6647000 /= ක් වන අතර 2017.01.01 සිට 2017.05.31 දින දක්වා සමෘද්ධි සමාජ ආරක්ෂණ ගෙවීම් සිද්ධීන් 1311 සදහා රුපියල් 3292750/= බවත් වැඩිදුරටත් මූලස්ථාන කළමකාර තුමිය සදහන් කරන ලදි.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment