තාරැණ්‍යයට ශක්තිය වු සමෘද්ධි ණය වැඩසටහන
තරුණ ශත්කිය අපතේ යවමින් බෝක්කු පාලම් උඩ රස්තියාදු ගසන රත්වන ලේ වලින් පිරි තරුණ පරපුරේ තරුණයන් අතර තම ශත්කිය ආදායම් උපදවීම සදහා යොදා ගත් තවත් එක් තරුණයකු වු තල්ගස්වල දියකිතුල් කන්ද කේ. ටී. ඉන්දික තේ තවාන් කර්මාන්තයේ නියැලෙන සමෘද්ධි සහණාධාරය නොලබන පවුලක තරුණ ව්‍යවසායකයෙකි.
ගමිමානයේ තරුණ පරපුර අතර ජනප්‍රිය වෙමින් පවතින සමෘද්ධි ණය වැඩසටහන පිළිබදව දැන ගත් ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරියා හමුවී ණය වැඩසටහන හා සමෘද්ධි ව්‍යාපාරය පිළිබදව මුලික දැනුම ලබා ගැනීමෙන් අනතුරුව සමාජිකත්වය හා කුඩා කණ්ඩායම් ගතවිණි. කුඩා කණ්ඩායම් රැස්වීමි තුලින් තරුණ ව්‍යවසායකයන් විශේෂයෙන්ම දැනුවත් කිරිම හා මග පෙන්වීම සිදු කරන නිලධාරින් සිය දැනුම හා පලපුරුද්ද යොදවමින් තරුණ ශත්කිය නිසිලෙස කළමණාකරනය කරයි.
ඉන්දික පිළිවලින් ණය වැඩ සටහන හා සම්බන්ද වෙමින් මේ වන විට රු 125000.00 දක්වා වු ණය මුදල් ලබා ගෙන ප්‍රදේශයේ ඉතා සාර්ථක තරුණ ව්‍යවසායකවකු බවට පත් වී ඇත. මෙවන් තරුණ ව්‍යවසායකයන් බිහි කරන සමෘද්ධි ව්‍යාපාරය සමග එක් වන්නට ලැබීම තම ජීවිතයේ වැදගත්ම මංසන්දිය වු බව අප සමග පැවසුවේ ආඩම්බරය පිරුනු හඩකිණි. පිණිකහන සමෘද්ධි බැංකු කළමණාකරු චන්ද්‍ර ලියනගමගේ, හිටපු නිලධාරි කපිල කාරියවසම් හා වර්ථමාන නිලධාරි බන්දුල නිහාල් යන මහත්ම මහත්මින්ට සිය ස්තුතිය පුද කිරිමටද ඔහු අමතක නොකලේ කෘතගුණ දත් තරුණයකු බව අපටද මතක් කරමින්ය.
ප්‍රදීප් චන්දන නානායක්කාර
No comments:
Post a Comment