Wednesday, July 12, 2017

ඉපැරණි කහදුව විහාර මන්දිරය නැවත ප්‍රතිසංස්කණය කරයි


     ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන කහදුව සඝ පරම්පරාවේ ආරම්භය ස්ථානය හා වතුරුවිල වනවාස සංග පරම්පරාවේ ආරම්භක මහා යතිවරයානන් වහන්සේලා වැඩ විසු ඇල්පිටිය, කහදුව, පරම විසුද්ධාරාම පුරාණ මුල මහා විහාරයේ ප්‍රතිසංස්කරන කටයුතු ආරම්භ කර ඇත. 1916 වසරේ විහාර මන්දිරයේ පිළිම වහන්සේෙගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිදුකර පුරා වසර 100 ක් සම්පුර්ණ වුයේ පසුගිය වර්ෂයටය. එම ඓතිහාසික තෙමහල්  විහාර මන්දිරයේ වහල දිරාපත් වීමෙන් ලෝක ප්‍රකට මහා කලාකරු එම්. සාර්ලිස් ද සිල්වා චිත්‍ර ශිල්පියාගේ ඇගිලි  තුඩින් සිතුවම් වු වර්ණවත් හා විචිත්‍රවත් වු එම බිතුසිතුවම් විනාශ මුඛයට පත්වෙමින් පවති.  

     පැරණි සැදැහැවත් සාධු ධානපතින්ගේ නොමසුරු දායකත්වයෙන් ඉදිකෙරුණු මෙම ඓතිහාසික පුරාණ මුල මහා විහාරයේ තෙමහල් විහාර මන්දිරයේ දෙවන මහලේ වැඩ ආරම්භ කොට දැනට එහි වැඩ 85%ක් පමණ අවසන් කොට ඇති අතර තෙවන මහලේ ද වැඩ කරගෙන යමින් පවතී. සියක් වසකින් උදාවන අතිශයින්ම වැදගත් මෙම පුණ්‍යවන්ත කටයුත්තේ කොටස්කරුවෙකු වන්නට ඔබටද අරාධනා කරමු.

ප්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment