ඇසල පොහොය දිනය උදා විය මෙදින ඇල්පිටිය මධ්‍යම ග්‍රාම නිළධාරී වසමේ රන්තරු ළඹා සමාජයේ සමාජිකයන් සිය නිවෙසින් ඒලියට බැස තම සාමාජිකයන් සමග එක්ව ගම පුරා ඇවිද ගියේ විශේෂ කටයුත්තකයට ඒ අනුව ගම පුරා පිපි පැවති අනේකවිදි කුසුමයන් එක් රෑස් කරන්නට විය සවස 4 පමණ වන විට සියළු සාමාජිකයන් දොතින් නෙලාගත් පුෂ්පයන්ද රැගෙන ගනේගොඩ රජමහා විහාරය අභියසට එක් රෑස් වන විට වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරීනියද කතිකා කර ගත් වෙළාවට එම ස්ථානයට ලගාවුයේ පවුලේ සියළු සාමාජකයන්ද රෑගෙනය.
ඇසළ පොහොය දිනයේ ගනේගොඩ රජමහා විහාරය සිල් සමාදන් වූවන්ගෙන් බැබලෙමින් පැවතිද්දි රන්තරු කැකුළු ළමා සමාජය රජමහ විහාරයේ දොරටුව අභියස බැබලෙමින් තම ළමා මනස තුල ඇතිවු සිතුවිල්ලකට අනුව බුදුන් පුදට පැමිණි සැදැහැවතුන්ට බුදුන් පිදිමට මල් දන්සැලක් සංවිධනය කර තිබුනි.
ඇල්පිටිය මධ්‍යම ග්‍රාම නිළධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී ඒ. කේ. ශ්‍රිරෝමි දමයන්ති මහත්මියගේ මග පෙන්විමෙන් ක්‍රියාත්මක වන රන්තරු ළමා සමාජයේ සාමාජිකයන් ආපසු සිය නිවස කර ගියේ දොත පුරා රුගෙන ආ මල් වෙනුවට හදවත පුරා සතුට පුරවා ගෙනය.
අනුර කුමාර ලීලානන්ද
ගමන විශේෂ සන්නිවේදක
කළමණාකරැ
සමෘද්ධි බැංකුව - ගනේගොඩ


No comments:
Post a Comment