තවත් සති තුනක පමණ කාලයකින් පසු උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල දුම්රිය ස්ථාන අතර පිහිටි අඩි 60 පාලම මතින් දුම්රිය ගමන් කල හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලම් ඉංජිනේරු රංජිත් විජේසිරි මහතා පවසයි. අලාභය තවම තක්සේරු කර නෑ. අනතුරට හේතුව සොයන්න පරික්ෂණයක් ක්රියාත්මකයි.
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර අඩි 60 පාලමට දැඩි අලාබහානි කරමින් ඉකුත් 12 වන දා කොළම සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්රී තැපැල් දුම්රිය අළුයම 2.30 ට පිළි පැණිමකට ලක්විය. එම අවස්ථාවේ දුම්රිය මැදිරි හතරක් පමණ මාර්ගයෙන් ඉවතට පැන මිටර් 500 ක් පමණ දුරක් ඇදි ගොස් පාලමේ හිරවිමත් සමග පාලමට, දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවිය. විශේෂයෙන්ම මෙය උඩරට දුම්රිය මාර්ගය ඉදිකල මුල් සමයේ එනම් වර්ෂ 1940 දශකයේ දි පමණ ඉදිකල එයින් පසුව කිසිදු නඩත්තුවකට ලක් නොකල මුත් යෝගතාවයේ පැවති පාලමට ද දැඩි හානි සිදුවී ඇත. විශේෂයෙන්ම එම පාලම හරහා යොදා තිබු ශක්තිමත් ආධාරක පහකට වැඩි ප්රමාණයක දැඩි ලෙස හානියට පත් වී ඇත. එවා අලුතෙන් ස්ථාපිත කිරිමට මෙසේ කාලය ගතවෙමින් තිබේ. විශේෂයෙන් දිගු දුරකින් පිහිටි කදු දෙකක් යාකරමින් ඉදිකර ඇති මෙම පාලමේ පිහිටිම ද විශාල උසකින් සමන්විත වේ. එවන් අනාරක්ෂිත ස්ථානයක කටයුතු කිරිමේ දැඩි අවධානම් තත්ත්වයක පවති.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඉංජිනේරු රංජිත් මහතා මෙසේද පැවසිය. මුළුමනින්ම පාලම ප්රතිනිර්මාණය කිරිමට සති තුනක පමණ කාලයක් ගතවෙයි කියලා තමයි අපි අනුමාන කලේ. නමුත් අපි උත්සහ කරනවා පුළුවන් තරම් ඉක්මනින් වැඩ ඉවර කරන්න. මෙම අනතුර සිදුවෙන තුරුම පාලම ධාවනයට යෝගතාවයෙන් තිබුනා. විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ග ඉදිකෙරුණ ආරම්භක අවදියේ ඉදිකෙරුණ පාලමක්. ඉන්පසුවම කිසිම කොටසක් මාරුකිරිම වැනි කටයුත්තක් සිදුකර නෑ. නමුත් යකඩ තාක්ෂණය එතරම් දියුණු නැති කාලයක කරපු පාලමක් නිසා අපේ සුදානමක් තියෙනවා ඉදිරියෙදි පාලම වෙනස් කරන්න. දැන් අළුත් දුම්රිය එනවා ඒවා බරෙන් වැඩියි. තාක්ෂණයෙන් වෙනස් ඒ නිසා ඉදිරියේදි පාලම වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. අනතුරට හේතුව සම්බන්ධව නිගමනයකට පැමිණ ඇත්දැයි විමසු විට ඔහු පැවසුවේ ඒ සම්බන්ධව වෙනම පරික්ෂණයක් පැවැත්වෙනවා. පාලමට එන්න කලින් දුම්රිය පිළි පැනලා තියෙන්නේ. පිළි පැනපු දුම්රිය තමයි ඇදිගෙන ඇවිත් පාලමේ හිරවෙලා තියෙන්නේ. විශාල අලාභයක් සිදුවෙලා තියෙන්නේ නමුත් මෙතෙක් නිල වශයෙන් ගණනය කරලා නෑ.
චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්
No comments:
Post a Comment