Monday, July 10, 2017

පාලාවිය ඇසල කළාපයට පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ප්‍රයිඩ් රයිස් දන්සැලක්....


   පුත්තලම, පාලවිය ග්‍රාමයේ තරුණ පිරිස විසින් සංවිධානය කල ඇසළ  කළාපය පසුගිය 07, 08 හා 09 යන තෙදින පුරා පාලාවිය වීර කොබ්බැකඩුව විහාරය හා පාලවිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථාන  කේන්ද්‍ර කරගනිමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැතිවිණි.

පුත්තලම  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය  ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරින්ගේද, ප්‍රදේශයේ  සියලුම දේශපාලන නායකයින්ගේද යුධ, ගුවන් හමුදා සහ පොළිස් නිලධාරි මහත්වරුන්ගේද සහය ඇතිව මෙම ඇසල කළාපය සංවිධානය කර තිබිණි.

17/07/09 දින පුත්තලම ප්‍රාදේශිය  ලේකම් චන්දන වන්නිනායක මහතාගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම් එස්.පී. වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ප්‍රයිඩ් රයිස් දන්සැලක් සංවිධානය කර තිබු අතර එයටද විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment