සෙනෙහසින් අත දිගු කළ සැමට ප්‍රණාමය
විමල් සිසිර කුමාර - ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම්
දහසකුත් පැතුම් මැද දිවි ගෙවමින් සිටි මිනිසුන්ගේ ජිවිත වල බලාපොරොත්තු ගං වතුරට ගසා ගෙන ගිහින්. පසු ගිය දින ඇදහැලූණු අධික වර්ෂාවත් සමග ඇති වු ගං වතුර තත්ත්වය හේතුවෙන් අපගේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ගම්මාන කිහිපයක් ජලයෙන් යට වී සියලූ දෙනාගේ බලාපොරොත්තු සුණුවිසුණු කරණු ලැබීය. නැවත ඔවුන් නගා සිටුවීම සදහා අප හට සහය දෙමින් මෙම ආපදා අවස්ථාවේදී අප සමග රුදී සිටිමින් සිය මාධ්‍ය වගකීම ඉටු කල සමෘද්ධි ගමන කාර්ය මණ්ඩලයට ප්‍රථමයෙන්ම ස්තුති වන්ත වෙමි.
එමෙන්ම සියලූම විහාරස්ථාන වල වැඩ වාසය කරන හා වැඩමවා වදාල මහා සංඝ රත්නය හා අන්්‍ය ආගමික පුජකතුමන්ලා, ඉඩම් හා පාර්ලිමෙන්තු ප්‍රතිසස්කරණ, ඇල්පිටිය ප්‍රාදේශිය සංවර්ධන කමිටු සම සභාපති ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාට, ස්දේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා හා ඛෙන්තර ඇල්පිටිය ශ්‍රී. ල. නි. ප. ආසන සම සංවිධායක, ඇල්පිටිය ප්‍රාදේශිය සංවර්ධන කමිටු සම සභාපති අමිල කර්ෂණ කාරියවසම් මැතිතුමා ප්රමුඛ පක්ෂ විපක්ෂ සියලූම දේශපාලන සංවිධාන හා සමාජිකයන්ට, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුලූ සියලූම නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදා නිල දරුවන්ට, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරිතුමා ප්රමුඛ සියලූම නිලධාරීන්ට, ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ නිලධාරීන්ට, සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරීන්ට, ඇල්පිටිය රෝහලේ සියලූම කාර්්‍ය මණ්ඩලයට, ග්‍රාම නිලධාරිවරුන්, ආර්ථීක සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින් ඇතුළු මාගේ සියලූම කාර්්‍ය මණ්ඩලයට, ඛෙන්තර - අම්බලන්ගොඩ - බලපිටිය - කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් තුමන්ලා ප්රමුඛ කාර්ය මණ්ඩලයට, සර්වෝදය හා සියලූ ස්වේචාඡ්ා සංවිධාන, වෙළද සංගම් හා වෙළද ප්‍රජාව, පරිත්‍යාගශීලී ජනතාවට, මාධ්‍යවේදී විජේසිංහ මහත්මා ඇතුළු සියලූම මාධ්‍යවේදී මහත්ම මහත්මීන්ට අප ප්‍රාදේශයේ විපතට පත් වු ජනතාව වෙනුවෙන් කල අපරිමිත වු උදව් උපකාර වෙනුවෙන් මාගේ අවංක ආදර ස්තුතිය පුද කරමි.
ප්‍රදීප් චන්දන නානායක්කාර
No comments:
Post a Comment