Sunday, July 23, 2017

දිලිදුකම පිටු දැකිම අරමුණු කරගනිමින් පොකුණු මත්ස්‍ය වගා කිරිමේ ව්‍යාපෘයක්


  ජිවනෝපාය සංවර්ධනය හා දිලිදුකම පිටු දැකිම අරමුණු කරගනිමින් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යශය මෙහෙයවන පොකුරු ක්‍රමයට පොකුණු මත්ස්‍ය වගා කිරිමේ ව්‍යාපෘය හැටන් පැන්මුර් තේ වත්ත ප්‍රදේශයේදි ඉකුත් 22 දා  ආරම්භ කෙරින.

   මධ්‍යම පළාත් ධිවර හා කෘෂිකර්ම ඇමති එම් රාමේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් ක්‍රිෂ්ණභවන් ශාලාවේදි සමාරම්භක උත්සවය පැවති අතර එහිදි මිරිදිය මත්ස්‍ය වගා පොකුණු ගොවියන් වෙත බෙදා දීමට  මුදල් ප්‍රතිපාදන වතු අධිකාරිවරුන්වෙත පිරිනැමිමද සිදු කෙරින.

   ජලජ සම්පත් ගෘහස්ථ ලෙස පරිභෝජනයට ගනිමින් වතු ආශිත ජනතාවගේ පරිභෝජනය සදහා මිරිදිය මසුන් වගා කිරිම මෙන්ම එමගින් මන්දපෝෂණයෙන් අත් මිදිම හා අමතර ආධායම් මාර්ගයක් ලෙස ජිවනෝපාය සංවර්ධනයද අපේක්ෂා කෙරේ.

    ඒ අනුව කදුකරයේ ක්‍රියාත්මක කරන මෙම මිරිදිය පොකුණු මත්ස්‍ය  වගාව වටවල වැවිලි සමාගම හා සමගින් එක්ව ක්‍රියාත්මක කරන අතර තොරා ගත් ස්ට්රැ දන්, විග්ටන්, කරලිනා හා ෂැනන් තේ වතු වල පොකුණු හැටක් පමණ ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මේ සදහා එක්වන ගොවියන් සදහා විදිමත් තාක්ෂණික  පුහුණුවක් කලාවැව ප්‍රදේශයේදි දිනතුනක‍ දි නේවාසිකව ලබා දි තිබේ. මුළු ව්‍යාපෘතිය සදහා ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය වැය කරන මුදල රුපියල් ලක්ෂ 240 කි.

     උත්සව සභාවෙන් අනතුරුව පිරිස පැන්මුර් ජලාශය පරිශ්‍රය වෙත පිවිස පොකුණු සදහා මත්ස්‍ය පැටව් නිදහස් කිරිම සංතෙක්තවත් කරමින් තිලාපියා මත්ස්‍ය  පැටව් 2000 ක් පැන්මුර් ජලාශයට  මුදා හරින ලදි.

    එම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් වන කනපති කණගරාජ්, පිලිප් කුමාර, අඹගමුව කෝරළය ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමුටුවේ සම සභාපති ඩබ්ලිව් .ජී රණසිංහ, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නිතිඥ උපාලි මොහොට්ටි, අඹගමුව කෝරළය ප්‍රාදේශය ලේකම් ටි.පි සුමනසේකර මහත්වු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්

No comments:

Post a Comment