Saturday, July 29, 2017

ගෝනාපීනූවල සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලිය පැවැත්වේ..


   සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන සමෘද්ධි කැකුළු ළමා සමාජ සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියේ ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ තරග අද දින (29) අළුත්වල මහා විද්‍යාලයේ දී පැවැත්විණි.

    මේ සදහා කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ නියෝජනය කරමින් දරු දැරියන් රැසක් සහභාගීවී සිටි අතර විවිධ වයස් කාණ්ඩ යටතේ තරග ඉසව් රාශියක් පැවැත්විණි. ඒ අතරින් සරල ගී, ශ්‍රාස්ත්‍රිය ගායනා, ශ්‍රාස්ත්‍රිය වාදනය, ජන ගායනා, ජන නැටුම්, නිවේදන, චිත්‍ර , කඨික, ගද්‍ය හා පද්‍ය රචනා යන තරග ඉසව් සදහා දරු දැරියන්ගේ ඉදිරිපත් වීම කැපි පෙනුන කරුනක් විය.

   ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලි ලියනගේ මහත්මියගේ මගපෙන්වීමෙන් හා උපදේශකත්වයෙන් ගෝනාපීනූවල සහකාර  ප්‍රාදේශීය ලේකම් දුලානි ශෂිකලා ගුණසේන මහත්මියගේ හා ගෝනාපීනූවල සමෘද්ධි මූලස්ථාණ කළමණාකරු ගංගා ගුරුසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ සමාජ සංවර්ධන සහකාර දුමින්ද විජේරත්න මහතා විසින් සංවිධානය කල මෙම තරගාවලියේ විනිශ්වය කටයුතු සදහා ප්‍රදේශයේ පාසැල් රැසක විෂයානු බද්ධ ගුරු භවතුන් හා ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂයානු බද්ධ නිලධාරීන් විසින් සිදුකරන ලදි. 

ප්‍රභාත් නිශාන්ත
සමෘද්ධි සංනිවේදක
ගොනාපිනූවල

No comments:

Post a Comment