Friday, March 9, 2018

ලලනාවන්ට ඉතුරැම් අගය කියා දුන් ඌරගස්මන්හණ්දිය සමෘද්ධි බැංකුව


  2018 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දින සමෘද්ධි ඉතුරුම් ගිණුම් ප්‍රවර්ධනය වෙනුවෙන් ඌරගස්මන්හණ්දිය සමෘද්ධි බැංකුව විශේෂ ගිණුම් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

  මේ යටතේ දැනටමත් ආරම්භ කොට ඇති සමෘද්ධි දිරියමාතා ගිණුම් සඳහා තැන්පත් රැස්කිරීම සහ අළුතින් දිරියමාතා ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කර තිබිණි. බැංකුවේ කළමනාකාරිණී කේ.ජී.ආර්. මල්කාන්ති ක්ෂේත්‍ර සහකාර දයාරත්න සමග බැංකුවේ සහ ක්ෂේත්‍රයේ රාජකාරි කරන සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරිනියන් මෙම කටයුත්තට සිය දායකත්වය ලබා දුන්හ.

  මෙහිදී බැංකු කළමනාකාරිණී ඇතුළු පිරිස ඌරගස්මන්හණ්දිය නගර තදාසන්න ප්‍රදේශයේ වෙළෙඳසල් සහ නිවාස වෙත යමින් කාන්තාවන් වෙත කරුණු පැහැදිලි කරමින් සමෘද්ධි දිරියමාතා ගිණුම් සඳහා මුදල් තැන්පත් රැස්කිරීම මෙන්ම අළුතින් දිරියමාතා ගිණුම් ආරම්භ කිරීමටද කටයුතු කරන ලදී.

  ප්‍රදේශයේ කාන්තාවන් වෙත යමින් කරුණු පැහැදිලි කොට ඔවුන්ගේ වෙළෙඳසලේ හෝ නිවසේදීම අයදුම්පත් සම්පූර්ණ කොට එවෙලේම සමෘද්ධි දිරියමාතා ගිණුම් ආරම්භ කොට පාස්පොත නිකුත් කිරීම සිදු කරන ලදී.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දේණිය

No comments:

Post a Comment