Wednesday, July 5, 2017

මත්පැන් හා දුම්වැටියෙන් තොර පැදුරු සාදය

    සාදයක් කිවු සැනින් වර්තමාන සමාජය තුල නිතැතින්ම සිහියට නැගෙනුයේ මත්පැන් හා දුම් වැටි පිළිබදවය. එනමුත් මත්පැන් හා දුම්වැටියෙන් තොරවු අපුර්ව පැදුරු සාදයක් පාලවිය සමෘද්ධි බැංකුවේ කලමණාකරු ප්‍රියන්ත රණසිහ මහතා  සහ මධ්‍යම අට්ටවිල්ලුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි සරත් එදිරිසිංහ මහතා විසින්  අනෙකුත් සමෘද්ධි නිලධාරින්ගේද සහයෝගය ඇතිව එම වසමේ සංවිධානය කර තිබිණි.

    රැප් සංගීතයට හා හරසුන් බයිලා සංගීතයන්ට සවන් දෙමින් රස්ඥතාවය මොට කරගත් තරුණ පරපුරට ස්භාවිත ගීතයක ඇති වටිනාකමත් එවැනි ගීතයක් රසවිදින ආකාරයත් වාද්‍ය වෘන්දය මෙහෙය වු ආනමඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේ සංගීත උපදේසක සාම සමන්ත ගුණවර්ධන මහතා විසින් මනා ලෙස වටහා දෙනු ලැබීය. තවද, මෙවැනි සාද සදහා මත්පැන් අත්‍යවශ යැයි පවසන මතය බොරුවක් බවත් මත්පැන් පානයෙන් තොරව සැබැ තරුණයෙකුට මෙවැනි සභාවක් තුල ගීතයක් ගායනා කිරීමට මනා හැකියාවක් තිබිය යුතු බවත් පැවසීමෙන් අනතුරුව ප්‍රදේශයේ තරුණයින් කිප දෙනෙකුම මෙහි ගීත ගායනා කලහ.

    පුත්තලම මුලස්ථාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා මෙම වැඩසටහනට විශේෂ සහයෝගයක්  ලබාදුන් අතර එතුමාද මෙහි ගීත ගායනා කරණු දක්නට ලැබිනි. පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ නාලක ප්‍රියශාන්ත මහතා සහ පුත්තලම ප්‍රාදේශිය ලේකම් චන්දන වන්නිනායක මහතාගේ උපදෙස් මත සංවිධානය කල මෙම වැඩසටහනට  පුත්තලම මුලස්ථාන කලමණාකරු උපුල් නයනානන්ද මහතා පුත්තලම කළාප කළමණාකරු ඩබ.එම්.එස්.කේ. වාසල මහත්මිය, සමාජ සංවර්ධන සහකාර එම්. කුමාරසේන මහතා ඇතුලු ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

චින්තන රත්නායක
ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment