Thursday, July 13, 2017

ළමා සමාජයේ දම් දෙසුම


       ඇල්පිටිය උතුර ග්‍රාම නිළධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී ලෙස පත් වු අනෝජා කාරීයවසම් මහත්මිය තවත් එක් රාජකාරී කටයුත්තක් ලෙස වසමේ දෙමාපියන්ගේ අධාර ඇතිව ළමුන් එක්තැනකට රුස්කර ගත්තේ ඔවුන් වෙනුවෙන් ඔවුන් පිහිටුවා ගෙන තිබු ළමා සමාජයට නව ගමනක් යන්නට මෙහෙයවිම සදහාය. ඒ අනුව පැමිණි ඇසළ පොහොය දින අපුරු කටයුත්තක් කිරීමට ඔවුන් කතිකා කර ගන්නා ලදි. එනම් පොහොය දින විහාරස්ථනය මුලික කර ගනිමින් සුමුදුර කවි බනක් සංවිධනය කිරීමටය.

      ඒ අනුව  පොඩි හාමුදුරුවන් විසින් සිල් සමාදන් වුවන් වෙනුවෙන් හා එදින රෑසව සිටි සියළු දෙනා වෙනුවෙන් සුමදුර කාව්‍යමය ධර්ම දේශනාවක් පවත් වන ලද අතර මෙම කටයුත්ත සදහා මළියදේව ධර්මායතනයේ හිමියන්ගේ අනුසාසකත්වයද සංවර්ධන නිළධාරී අනෝජා කාරීයවසම් මහත්මියගේ මග පෙන්විම හා අනුග්‍රහයකත්වයද දෙමාපියන්ගේ හා සමෘද්ධි සමිති එකමුතුවේ සහයෝගයද ලබා දී තිබුනි. 

අනුර කුමාර ලීලානන්ද
ගමන විශේෂ සන්නිවේදක
කළමණාකරැ
සමෘද්ධි බැංකුව - ගනේගොඩ

No comments:

Post a Comment