Wednesday, August 16, 2017

සමෘද්ධි ආදර්ශ ගම්මාන වැඩසටහනේ ප්‍රගතිය දිස්ත්‍රික් ලේකම්ගේ අවධානයට........


    ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 ක ක්‍රියාත්මක සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මාන වැඩසටහනෙහි ප්‍රගතිය  විමසීමේ  විශේෂ සාකච්ඡාවක්  ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම නිල කාමරයෙදී (15) පවත්වන ලදි.

    ගාල්ල කඩවත්සතර, අම්බලන්ගොඩ, යක්කලමුල්ල, හබරාදූව සහ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ක්‍රියාත්මක මෙම නිෂ්පාදන ආදර්ශ ගම්මානයන්හි මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යාපෘති විෂය භාර කළමනාකරුවන් විසින් ඉදිරිපත් කිරීම් (power point presentation) සිදු කළ අතර එක එකක් පිළිබඳව පවතින සුවිශේෂතා සහ ගැටළු කෙරෙහි දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ පුද්ගලික අවධානය යොමු කරනු දක්නට ලදි.

   මෙම ගම්මාන වල ජීවනෝපාය සංවර්ධය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණු අතර ඒ සඳහා  උපකාරී වන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන යෝජනා ද හඳුනාගෙන තිබුණි. තවද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සමෘද්ධි සවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇත. දැනට පවතින ප්‍රගතිය පිළිබඳව දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ සතුට පළ කළ අතර, ඉදිරි කාල සිමාව තුළ ඉතිරි වැඩ කොටස් නිම කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සහ උපදෙස් ලබා දීම එතුමන් විසින් මෙහිදී සිදු කරන ලදි.

    මෙම ප්‍රගති රැස්වීම සඳහා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක , නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් , එම කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් කාර්යාලයේ  විෂය භාර කළමනාකරුවන්, මූලස්ථාන සමෘද්ධි කළමනාකරුවන් , ව්‍යාපෘති කළමනාකරුවන්, අදාළ බැංකු කළමනාකරුවන් මෙන්ම තෝරාගත් ගම්මාන සහ පොකුරු ගම්මානවල සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

ප්‍රියන්ත කුමාර කාරියවසම්
ගමන විශේෂාංග වාර්තාකරු

No comments:

Post a Comment