මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 45කින් හා සමෘද්ධි කලාප 03කින් යුක්ත වන අතර මෙතෙක් සමෘද්ධි වැඩසටහනේ සමෘද්ධි සමාජ ආරක්ෂණ පිළිබදව සොයා බැලීමට සමෘද්ධි ගමන මැදිරිගිරිය සමාජ ආරක්ෂණ ලිපිකරු ඩි. ඉදුනිල් ප්‍රියශාන්ත මහතා සොයා ගියේ සමෘද්ධි වැඩසටහනේ නිහඩ සේවයක නිරතව සමස්ථ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආරක්ෂණ කටයුතු අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස සලකමිනි.
ඒ අනුව 1997 සිට 2016 දෙසැම්බර් දක්වා අදාල සමෘද්ධි ප්‍රතිලාභී ගෙවීම් ඉදුනිල් මහතා සමෘද්ධි ගමනට ලබා දුන්නේ සමෘද්ධි ගමන මහගු කාර්යයක් කරන බවද ප්‍රකාශ කරමිනි.
සමෘද්ධි ප්‍රතිලාභින්ගේ මරණයකදී වන්දි ගෙවීමේදී බොහෝමයක් වසම් වල සමෘද්ධී ප්‍රජාමූල සංවිධාන වලින් එම මොහොතේම ගෙවන බවත්, සමෘද්ධී ශිෂ්‍යත්ව ලබාගත් සමහර දරුවන් මේ වනවිට වෛද්‍ය වෘතියේ පවා යෙදෙන බවත්, අඩු ආධායම් ලබන සමෘද්ධි ප්‍රතිලාභින්ට සමාජ ආරක්ෂණ වැඩසටහන ඉතා රුකුලක් වන බවත් සදහන් කරන ලදි.
එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය.
No comments:
Post a Comment