ඩි.යු. සුනේත්‍රා මාලනි මැදිරිගිරිය 86 ගජබාපුර පදිංචි සමෘද්ධි සහනාධාරලාභියෙකි. සහනාධාර ප්‍රවේශයෙන් තොරව සමෘද්ධි වැඩසටහනට සම්බන්ධව කුඩා කණ්ඩායම් ක්‍රමවේදය තුල අවුරුදු 05ක් පමණ රැදී සිටීමෙන් පසු සහනාධාරයක්ද හිමිව ඇත.
කිරිගව පාලනයට උනන්දුවක් දක්වන සුනේත්‍රා දැනට කිරිගව පාලනයේ නිරතව කිරිගවයින් දෙදෙනෙකුගේ හිමිකාරියකි. එක් වැස්සියන් හා පැටවෙකු සිටින අතර වැස්සියගෙන් දිනකට කිරි ලීටර් 10ක් ලබාගන්නා බව ඇය පවසයි.
සුනේත්‍රාට කාලයක සිට අවශ්‍යව තිබුණේ කිරගව ගාලකි. සමෘද්ධි සමාජ සජීවිකරණ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන පුහුණුවට සහභාගීවූ සුනේත්‍රා තමන්ගේ අවශ්‍යතා තමා විසින්ම හදුනාගෙන තමා වටා ඇති වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනද තම පවුලේ දියුණුවට සම්බන්ධ කරගත යුතු බව අවබෝධයෙන් අනතුරුව ඇයට 88 දියසෙන්පුර වසමේ හිතවතෙකු වන ඉන්ද්‍රණි ජයවර්ධන මහත්මිය හමුවී මේ පිළිබදව සාකච්ජාවෙන් අනතුරුව ඇය විසින් මහවැලි අධිකාරිය හදුන්වාදී ඇත.
මහවැලි අධිකාරියේ දර්ශණ මහතා සහ අනුරුද්ධ මහතා හමුවී මේ පිළිබදව ලිඛිතව දැනුම්දීමෙන් අනතුරුව ප්‍රධානයක් වශයෙන් රුපියල් 50000/=ක මුදලක් ලබාදුන් බවත් ඇයගේ සිහිනය සැබෑවූ බවත් ඇය ඉතා සතුටින් ප්‍රකාශ කරන ලදි. මේ වන විට කිරිගවයින් 05 දෙනෙක් සදහා කිරිගව ගාල නිමකර ඇති බව ගමනේ කැමරා කාචයට හසුවුණී. සහයෝගය ලබාදුන් සියළු දෙනාට ස්තූතිකල සුනේත්‍රා මහත්මිය කිරිගව පාලනය පලමු ආධායම් මාර්ගය වශයෙන් කිරීම බලාපොරොත්තුව බවත්, මහවැලි අධිකාරිය මගින් තණකොළ කැබළි කරන මැෂිමක්ද ලබාදෙන බව පැවසූ බවත් සදහන් කරන ලදි.
එම්.පි.ඩබ්. මල්කාන්ති දිසානායක
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය.
No comments:
Post a Comment