Saturday, August 19, 2017

සමෘද්ධි බැංකුවෙන් ගෑස් ණය


   ශ්‍රී ලංකා සමෘද්ධි දෙපාර්තුමේන්තුව හා ලාප් ගෑස් සමාගම එක්ව අඩු ආදායම් ලාභීන් සදහා පහසු ගෙවිමේ ක්‍රමයට ගෑස් ලිප් හා ටැංකි ලබා දීමේ වැඩ සටහන මේ දිනවල පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල ක්‍රියාත්මක වේ.

   ඒ අනුව පුත්තලම සමෘද්ධි බැංකුවට අයත්  ගණුදෙනු කරුවන් වෙත ගැස් ටැංකි හා ලිප් ලබාදීම පසුගිය 17වනදා සිදුවිය. පලමු අදියරේදි පුද්ගලයින් 80 දෙනෙකුට මෙම භාන්ඩ ලබාදුන් අතර ඉල්ලුම්පත් විශාල සංඛයාවක් ඉදිරිපත් වි ඇති බැවින් දෙවන අදියරේ ඉතිරිය සම්පුරන කිරිමට නියමිතය. පුත්තලම සමෘද්ධි බැංකු කළමණාකකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය, මුලස්ථාන කලමාණාකරු උපුල් නයනානන්ද මහතා, බැංකු  සමිති  කළමණාකරු ඩී.එම්. ධර්මවීර මහතා සහ සමෘද්ධි නිලධාරින්ද ඇතුලු බැංකු සාමාජිකයින් පිරිසක්  මෙම අවස්තාවට එක්ව සිටියහ.

චින්තන රත්නායක
සමෘද්ධි ගමන සන්නිවේදක
පුත්තලම

No comments:

Post a Comment