ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 73 සී කරුවලබැද්ද ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී කේ.පී. සුජීවා මල්කාන්ති මහත්මියගේ අදහසකට අනුව “සොදුරු පවුලක් සිතට නිවනක්,“ තේමාව යටතේ කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභී හා අඩු ආදායම් ලාභී කාන්තාවන් උදෙසා පවුලක් රැක ගැනීම සදහා මග පිලිබද උපදේශණය ලබා දීමේ වැඩසටහනක් 2017.08.15 දින කරුවලබැද්ද ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.
ගෝනාපීනූවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශණ නිලධාරිණී කේ.එන්.ඩී. වික්‍රමසිංහ මහත්මිය විසින් පවත්වනු ලැබූ මෙම දේශණය මගින් පවුලක ආර්ථිකය කළමණාකරණය කර ගැනීම, කාලය කළමණාකරණය කර ගැනීම, ස්වාමියා හා බිරිද අතර පැවතිය යුතු මනා සම්බන්ධතා, තම දරුවන්ට ආදරය දැක්විය යුතු ආකාරය, හොද සෞඛ්‍ය පුරුදු අතිකර ගැනීම වැනි කරුණු රාශියක් සාකච්ඡා කෙරෙනු ලැබීය. තම දුගී බව යහපත් පවුලක පැවැත්මට බාධාවක් නොවන බව ද ඔවුන් වෙත වටහා දෙන ලදි.
ගෝනාපීනූවල සමාජ සංවර්ධන අංශයේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සදහා ගෝනාපීනූවල සමාජ සංවර්ධන සහකාර දුමින් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.
සමෘද්දි සංනිවේදක
ගෝනාපීනූවල
No comments:
Post a Comment