Saturday, August 19, 2017

රාජකාරියේ විඩාව ගෙවත්තෙන් නිවාගෙන ආදර්ශයක් දුන් සම්පත්


    දියසෙන්පුර කලාපයේ 90 කහඹිලියාව ග්‍රාම නිලධාරී වසමේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරී මහතා 2017.08.13 දින සමෘද්ධී ගමන සොයා ගියේ ආදර්ශමත් ගෙවත්තක් පිළිබදව ලැබුණු හෝඩුවාවකිණී. රාකාරියෙන් බැහැරව නිදහස් අවස්ථාවලදී  තම කාලය ගෙවත්ත වෙනුවෙන් යොදවා විවිධ වූ එළවළු හා පලතුරු වර්ග වගා කරමින් තම පවුලේ සාමාජිකයින් සමග සතුටින් විනෝදයෙන් සිටින මොහු සම්පත් චන්ද්‍රසිරි මහතායි.

    මම රාජකාරී නිඩාඩු දින වලදී මගේ ගෙවත්තේ එළවළු වගා කරනවා. රාජකාරියේ වෙහෙස නිවාගන්න පුළුවන් වගේම ඒකාකාරී භාවයෙන් මිදිලා ඇග මහන්සි උනහම ඇගටත් හොදයි. අපි අපේ සමෘද්ධී ප්‍රතිලාභින්ට උපදෙස් දෙනවා තමන්ගේ ගෙවතු වගා කරලා පවුලේ එළවළු පලතුරු පලා වර්ග ටික ගෙවත්තෙන්ම ලබාගන්න කියලා. ඉතින් මමත් මගේ ගෙවත්ත වගා කරලා පවුලේ පරිභෝජනයට ගන්නවා වගේම මට අතිරේක ආදායමකුත් ලැබෙනවා. තම පවුලේ බිරිද සහ දරුවන් දෙදෙනාගෙන්ද මේ සදහා විශාල සහයෝගයක් ලැබෙන බවද   සම්පත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරන ලදි.

   පලිබෝධනාශක රසායනික පොහොර අවම කර මෙම ගෙවත්ගේ එළවළු වර්ග අල වර්ග විවිධ වූ පලා වර්ග සහ පළතුරු වර්ගද වගාකර තිබූ  බව සමෘද්ධි ගමනට පෙනී ගියේය.

ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment