අද ලෝකය ඉදිරියට යන්නේ නවීණ තාක්ෂණය හා එක්වයි. රටකට තනියම ඉදිරියට යන්න බැහැ වගේම ගෝලීය කරණය තුල අපද අපට ගැලපෙන පරිදි නව තාක්ෂණික දැනුම භාවිතා කරන්න අවශ්‍යයි. මෙලෙස ප්‍රකාශ කලේ මහවැලි සංවර්ධන අධිකාරියේ මැදිරිගිරිය ඩි කලාප භාර නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකරු ප්‍රසන්න ජයතිකල මහතායි.
සමෘද්ධි ගමනේ පලවූ විවිධ වූ වැඩසටහන් එතුමා විසින් අධ්‍යනය කල බවත්, කොතෙකුත් විවිධ මාධ්‍ය තිබුනත් මෙතෙක් අහිංසක දුප්පත් මිනිසුන්ගේ විවිධ වූ ව්‍යාපෘති රටට ලෝකෙට කියන්න කෙනෙක් සිටයේ නැති බවත්, ඒවා ගම විතරයි දැනගෙන හිටියේ. දැන් ඒ සදහා මාධ්‍යයක් වශයෙන් සමෘද්ධි ගමන තියෙනවා. සමෘද්ධි ගමන ආරම්භ කර ඇති වෙළද දැන්වීම් වැඩසටහනද ඉතාම කාලීන අවශ්‍යතාවයක් වන අතර වැඩිදුරටත් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකරු මහතා කියා සිටියේ විවිධවූ ආයතන හා එක්ව ආරම්භ වු ව්‍යාපෘතිවල නිෂ්පාදනයන් ගම නගරය දක්වා ගෙනයෑමේ මාධ්‍යයක් ලෙසත්, ඒ තුලින් නව්‍ය අලෙවිකරණ වැඩසටහනක් සදහා මගපෑදෙන බවත්ය.
සමෘද්ධී ගමනට සුභ පැතූ කලාප භාර ප්‍රසන්න ජයතිලක මහතා සමෘද්ධි ගමන පුවත්පත ග්‍රාම නිලධාරී වසමකට එකක් හෝ ලබාදීමට හැකියාව ලැබීම තුලින් සමෘද්ධි ගමනේ වෑයම තවත් මල්ඵල ගැන්වෙන බව පවසන ලදි.
ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
No comments:
Post a Comment