මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් ප්‍රදේශයේ පාසැල් වල ශිෂ්‍යත්ව විභාගයට සහභාගි වන සිසු දරැවන් හට වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙන්නප්පුව සමෘද්ධි බැංකුව විසින් සංවිධානය කල 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද දින (12) ලුනුවිල රජයේ බෞද්ධ විද්‍යාල රැස්වීම් ශාලාවේදි පැවැත්විණි. දේශක චන්න බුලත්සිංහල මහාතාගේ මෙහෙවිමෙන් එම විද්‍යාලයේ විදුහල්පති ගයානි ජයතිලක මහත්මිය හා සමෘද්ධි බැංකු කලමණාකරු සුජීව ලාල් මහතා ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අන්දමින් අද දින අවසන් කෙරිණි.
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව
No comments:
Post a Comment