Tuesday, August 29, 2017

දිළිඳුකමට අභියෝග කල දිරිය ලිය ධම්මිකා


   මිනිසුන් ජිවිතය ජය ගන්න ජිවිතය ගොඩ ගන්න යහමගට එන්න කොතරම් මහන්සි වෙනවද.... එහෙම ජිවිතය ජයගන්න නම් උත්සාහය ධෛර්ය හා කැපවීම අත්‍යාවශයම වෙනවා... ඕනම අභියෝගයකට නෙසැලි මුහුණ දෙන්න සිදුවෙනවා.... එහෙම අය ජිවිතයේ නියම ජය ලබනවා... සමෘද්ධිය කියන්නෙත් ඒ වගේ ජිවිතය ජය ගන්න ගොඩ යන්න වෙර දරන මිනිසුන්ට අත්වැල් සපයන  තැනක්....  එහෙම ජිවිතය ජයගන්න වෙර දරණ දිරිය ලඳක් ගැන තමයි අපි අද සමෘද්ධි ගමන කියන්නේ....

     ඇය නමින් ධම්මිකා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආයෝජනගම සමෘද්ධි කලාපයේ අම්පාවිල ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි ප්‍රතිලාභියෙක්.. දරුවන් හතර දෙනෙකුගේ මවක් වන ඇය මුල සිටම සමෘද්ධි ව්‍යාපාරය හා සම්බන්දව ස්වයං රැකියා කිහිපයක් කර ඇති අතර මෙම අලුත් ව්‍යාපාරයට අත ගසා තිබූනේ 2012 වර්ෂයේදි. ඒ ඇය ඒ වන කර තිබු විවිධ ස්වයං රැකියා හරහා  ලබා තිබු පන්නරයත් නොපසු බට උත්සාහයත් සමඟයි.  ඒ රෙදි බෝනික්කන්, සුරතල් සතුන් සහ කුෂන් කොට්ට නිෂ්පාදනය සහ අලෙවි කිරිම. ඇය තම ව්‍යාපාරය “සෙව්වන්දී නිෂ්පාදකයෝ ” ලෙස ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියා පදිංචි කොට ඇත. මෙම ව්‍යාපාරය ආරම්භ කිරිම සදහා ඇය සමෘද්ධි බැංකු සංගමය හරහා පිලිවෙලින් රු.2,500.00 සිට රු.100,000.00 දක්වා ණය මුදල් ලබා ගෙන නිසි අයුරින්  පිලිවෙලින් මුදල් ගෙවමින් සිටින බව අප හා පැවසුවා. මේ වන විට ඇයගේ නිෂ්පාදන සදහා පුඑල් වෙළඳ පොළක් නිර්මාණය වේලා ... ඒ ඇයගේ නිෂ්පාදන වල ඇති ගුණාත්මකභාවය, මටසිලිටු නිමාව සහ සධාරණ මිල ගණන් නිසාවෙන්. 


    2015 වර්ෂයේ ගාලු දිස්ත්‍රික් හොදම සමෘද්ධි වවසායකයින් දස දෙනා අතරට ඇය පැමිණියේ ඇයගේ නිෂ්පාදන වල පවතින ගුණාත්මකභාවය බව ඇය තව දුරටත් සදහන් කලා. ඇයගේ මීලග ඉලක්කය වන්නේ ඇයගේ ව්‍යාපාරය නිවසින් බැහැර ස්ථානයක ආරම්භ කිරිම බවත් ඒ සදහා සමෘද්ධි බැංකුව හරහා රු.250,000.00 ක ණය මුදලක් ලබා ගැනිමට මේ වන විට සුදානමින් සිටින බවත් තමාට මෙම ව්‍යාපාරය දියුණුකර ගැනිමට උදව්කල ආයෝජන ගම සමෘද්ධි බැංකුවේ කලමණාකරු, ව්‍යාපෘති කලමණාකරු සහ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි ගාමිණි මහත්මා ඇතුඑ නිලධාරින්ට සිය හෘදයාංගම ස්තුතිය පුදකරන බව අප හා පැවසුවේ ඉමහත් සතුටෙනි. සිය ආත්ම ධෛර්යයෙන් ජිවිතය ජය ගන්න වෙර දරණ ධම්මීකාට සමෘද්ධි ගමන වෙනුවෙන් අපිත් සුභ පැතුම් එක් කරන්නෙමු. 

නිශාන්ත සුදුසිංහ
සමෘද්ධි සන්නිවේදක
ඉමදුව

No comments:

Post a Comment