Thursday, January 10, 2019

සමෘද්ධි සවිබල ගන්වන්න මහවැලියෙන් ආධාර


  මෘද්ධි අඩු ආධායම්ලාභින් සවිබල ගැන්වීමේදී එක් ආයතනයකට පමණක් කල හැකි දෙයක් නොවන බවත්, සමෘද්ධිනේ අරමුණ වන ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන ප්‍රවේෂය මත පිහිටාගෙන ඒකාබද්ධ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට ඉලක්ක ගත වැඩසටහනක් නිර්මාණය කරගත හැකිය.

  සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක සමෘද්ධි සංවර්ධන නිලධාරී ඩි.එම්.පි.කේ.දිසානායක මහතා මේ බව ප්‍රකාශ කලේ එම මහතා 97 වෙඩිකච්චිය ග්‍රාම නිලධාරී වසමේ සේවා කාලයේදී මහවැලි නේවාසික ව්‍යාපාර කලමණාකරු ප්‍රසන්න ජයතිලක මහතා සමග සාකච්ජා කර ලබාදී තිබූ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් වලින් පේරමඩුව අති දුෂ්කර ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුල් දෙකක් සදහා ධීවර කර්මාන්තය වෙනුවෙන් ඔරු දෙකක් ලබාදීම වෙනුවෙනි.

  මහවැලිය 50% දායකත්වය මත මෙම ඔරු පේරමඩුව ගම්මානයේ ජයරත්න මහතාට සහ සරත්චන්ද්‍ර මහතාට ලබාදී තිබූ අතර ඉදිරියේද මෙම ගම්මාන වල අඩු ආදායම්ලාභි වැඩක් කල හැකි වැඩක් කරන නිකරුනේ කාලය ගත නොකරන පිරිස් වෙනුවෙන් ආධාර උපකාර කර ඔවුන්ගේ ශක්තීන් වර්ධනය කරමින් ආදායමද වර්ධනයට කටයුතු කරන බව නේවාසික ව්‍යාපාර කළමණාකරු ප්‍රසන්න ජයතිලක මහතා ප්‍රකාශ කරන ලදි.‍

වජිරා දිසානායක 
සමෘද්ධි ගමන සංනිවේදක
මැදිරිගිරිය

No comments:

Post a Comment