දිවංගත ගාමිණී දිසානායක මැතිදුන් මහවැලි ව්‍යාපාරය කඩිනම් සංවර්ධන වැඩසටහනක් ලෙස උතුරු මැද සිප ගන්වද්දී...... මොරගහකන්ද ජලාශය හා කළු ගග එක්ව යෝධ වේලි ඉදිකර මැදිරිගිරිය දුක් විදින ජනතාවට මහවැලියෙන් පෝෂණය ලබාදිමට උරදෙමින් කටයුතු කලේ හිටපු මහවැලි සංවර්ධන අමාත්‍ය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසිනි.
මහවැලි ඩි කලාපය වශයෙන් නම් කොට කවුඩුළු වැව ප්‍රධාන කොට යල මහ දෙකන්නයේ සමස්ථ ගොවි ජනතාවට මෙන්ම සියළුම පදිංචි ජනතාවට මෙම යෝධ සංවර්ධන වැඩසටහනින් සෙත සැලසෙන්නේ පිපාසයට ජල බිදක් සොයා උඩු ගුවනේ පියබන උකුසෙකුට මහ වැස්සෙන් ජල බිදක් ලැබී සතුටු වන්නාක්මෙනි.
ගම් නියම්ගම්, කැලෑ වන රොද, සිසාරා ඇල වේලි, මංමාවත්, නිවාස, ක්‍රීඩා පිටි, මෙන්ම විවිධවූ ජීවනෝපාය ව්‍යාපෘති වලින් සන්නද්ධව ඉදිරියට යන මහවැලියේ සමෘද්ධි ගමනේ කැමරා කාචයට ඇස ගැටුනේ කඩිනමින් ඉදිවන මහවැලි ක්‍රීඩාංගනයයි.....
මැදිරිගිරියේ ජනතාවට පමණක් නොව සමස්ථ මහවැලි ගම්මාන වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විවධ වූ ක්‍රීඩා කුෂලතාවයන් ජාතික තලය දක්වා ගෙනයෑමේදී මහවැලි ක්‍රීඩාංගන මහගු පිටුවහලක් වන බව බිසෝපුර මහවැලි ගම්මාන පදිංචිකරුවන් සමෘද්ධි ගමනට ප්‍රකාශ කරන ලදි.
ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව
No comments:
Post a Comment