සමෘද්ධි ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්රහිකාවක් බවට පත්වු ඇලහැර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ හීරටිය වසමේ ටී.ජී. සීලවතී මහත්මිය කියා සිටියේ තමා මෙන්ම ස්වාමියාද කුලී වැඩ කරමින් ජීවත්වන බවත් දරුවන් රැකබලා ගනිමින් මේ වනතෙක්ම කටුමැටි නිවාසය තුල ජීවත් වුවද නිවසක් ඉදිකර ගැනීමේ ආසාව සිහිනයක් බවට පත්වුයේ කුලීවැඩ කිරීමෙන් නිසි ආදායමක් නොමැති කමින් බවයි.
ඒ වුනත් මේ වසරේ සමෘද්ධි ලොතරැයි දිනුම ඇදීමෙන් මගේ නම තේරිලා. හිතාගන්න බැරි සතුටක් ඇතිවුනා. සමෘද්ධි වැඩසටහනට පිං සිද්දවෙන්න මට ලක්ෂ දෙකක් ලැබෙනව. මගේ සිහිනය සැබැකලේ සමෘද්ධි වැඩසටහන. එහෙම නැත්තම් හැමදාම කටුමැටි ගේ තමයි අපට උරුමවෙන්නෙ. සමෘද්ධි වැඩසටහනේ හැමෝටම පිං සිද්දවෙන්න ඕන යනුවෙන් සඳහන් කලා.
ඇලහැර ප්රාදේශීය ලේකම්තුමිය, මුලස්ථාන කළමණාකාර ගාමිණී කුමාරසිංහ, කළමණාකාර දුමින්ද සංජීව මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම් මත සමෘද්ධි සංවර්ධන නිළධාරී ඒ.ජී. රංජිත් ප්රියන්ත මහතා ඉදිකිරීම් කටයුතු සංවිධානය කරනු ලබයි.
කේ. එම්. වික්රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර
No comments:
Post a Comment