Sunday, September 10, 2017

අධ්‍යාත්මික සංවර්ධනය හා මත් නිවාරණය තුළින් සතුටු පවුල් ඒකකයක්


    පවුලේ සතුට රැක ගන්න, අධ්‍යාත්මික සංවර්ධනය යන තේමාව යටතේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ  ග්‍රාම නිලධාරී  වසමි 63 ක තෝරා ගත්  සාමාජික සාමාජිකාවන් සදහා අධ්‍යාත්මික සංවර්ධනය හා මත් නිවාරණය තුළින් පවුල්  ඒකකයේ සතුට රැක ගැනීම  පිළිබඳව  දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017.09.08. දීන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි  පැවැත්වීනි. 

    ප්‍රාදේශීය ලේකම් පුෂ්පිකා තුෂාරි  ජාගොඩ, සහකාර ප්‍රාදේශීය ලේකම් නිලුකා  සුරියආරච්චි මැතිනියන්ගේ මගපෙන්වීමෙන් අක්මීමන සමෘද්ධි මහා සංගමයේ සමාජ සංවර්ධන  අංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා හිනිදුම පොලිස්  ස්ථානයේ ප්‍රජා සමිබන්ධිකරන නිලධාරී ජි. කඹුරගේ මහතා, අක්මීමන පොලිස්  ස්ථානයේ එස්.අයි. අනුර මහත්මා සමිපත් දායකයින් ලෙස සහභාගි විය. සමාජිය අත්දැකීම් සරලව විග්‍රහ කරමින් දැනුවත් කිරිම සිදු වු අතර සහභාගී වු සැමගේ සිත් ගත් වැඩසටහනක්  විය. කලමණාකාර  අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ, මුලස්ථාන කලමණාකරු ටි.ජි.කේ. නන්දනි, සමාජ සංවර්ධන කලමණිකරු ශුියාලතා, සමාජ සංවර්ධන සහකාර රංජිත් මුදලිගේ යන මහත්ම මහත්මීන්ගේ  පුර්ණ  සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රීයාත්ම කෙරින.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

No comments:

Post a Comment