Tuesday, September 12, 2017

ධනාත්මකව සිතන්න......... සුපිරි මිනිසෙකුවීමේ උමතුවෙන් වලකින්න.....


    ධනාත්මක සිතුවිලි වර්ධනය කරමින් සමාජ සජීවිකරණය තුල අපගේ සේවාලාභින් වන සියළු අඩු ආදායම්ලාභින් සවිබල ගැන්වීම අපගේ ප්‍රමුඛ කාර්ය බවත්, තම රාජකාරියේදී  විවධවූ පෞද්ගලික මතිමතාන්තර වලින් බැහැරව අපගේ සේවාලාභින්ගේ විවධවු ප්‍රශ්ණ හා ගැටළු හොදින් අවබෝධකර ගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරදීම තුල අප රාජකාරිය ඉටුකිරිමක් පමණක් නොව මානසික සතුටක්ද ලබනවා.

    පසුගියදා ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා පැවති ධනාත්මක සිතුවිලි වර්ධනය පිලිබද පුහුණු වැඩසටහනේදී මැදිරිගිරිය  මූලස්ථාන සමෘද්ධි කළමණාකරු එස්.එම්.දු රුතු කුමාරි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලදි. වැඩිදුරටත් එතුමිය කියා සිටියේ විවිධවූ ජන කොටස් සමග අපට බද්ධ වී රාජකාරි කලයුතු බවත්, ඔවුන්ගේ විවිධවූ ප්‍රශ්ණ ගැටළු වලදී අප ධනාත්මක සිතුවිලි තුල ඒවා විසදාදිය යුතු බවත්ය.

    මෙම පුහුණු වැඩසටහන මැදිරිගිරිය සමෘද්ධි මූලස්ථානය හා සමෘද්ධි බැංකු සමිතියේ මෙහෙයවීමෙන් හා මූලිකත්වයෙන් සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී ආර්.එම්.එස්.කේ. මුණසිංහ ආරච්චි මහතා සංවිධානය කරතිබූ අතර හිගුරක්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  උපදේශණ සහකාර තාරුකා දොඩංගොඩ මහත්මියගේ සම්පත් දායකත්වය දක්වන ලදි.

    මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් තුමාගේ මගපෙන්වීමෙන් පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන සදහා දියයෙන්පුර හා දිවුලන්කඩවල සමෘද්ධි කලාප කලමණාකාර මහත්ම මහත්මීන් හා  සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.
 
ඩි.එම්.පි.කේ. දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සංනිවේදක
පොළොන්නරුව

No comments:

Post a Comment