Tuesday, September 26, 2017

විවාහපත් නොවූ ජෝඩු විවාහ දිවියට....


  නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ජීවත් වන නීත්‍යානුකුල විවාහ නොවී පවුල් ජීවිත ගත කරන පුද්ගලයන් නීත්‍යානුකූලව විවාහ කර දීමේ වැඩ සටහනක් නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කර ඇත.

   මේ වන විට මෙම කොට්ඨාශය තුල විවාහ නොවූ පවුල් පනහකට අධික සංඛ්‍යාවක් දරු මුණුබුරන්ද ලැබ පවුල් ජීවිත ගත කරන බවත් මෙම පවුල් විවාහ කර දීම ඉතාමත්ම  වැදගත් කටයුත්තක් බවත් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන නියාගම ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මහතා පවසයි. මේ යටතේ දරු පවුල්ද කැටුව නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැදවූ මෙම ජෝඩු විවාහ කරදීම කාර්යාලීය සියලුම නිළධාරීන්ගේ සුභ පැතුම් මැද සිදු විය. මගුල් ගෙදරක සිරිගත් මෙම චාම් උත්සවය සමෘද්ධි සමාජ සංවර්ධන පදනමේ දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් නිළ මැදිරියේදී සිදු කෙරුණි. සංවර්ධන නිළධාරී සුජීව කුමාර මහතාගේ සම්බන්ධිකරනයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment