Wednesday, September 27, 2017

නියාගම සමෘද්ධි බැංකුවේන් අලෙවි පොළක්


     නියාගම සමෘද්ධි බැංකුවේ කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මියගේ අදහසක් අනුව සමෘද්ධි බැංකු විධායක සභාවේ සංවිධානය මත අලෙවි පොළක් පසුගියදා එම බැංකු පරිශ්‍රයේදී පැවැත්වුණි. දේශීය එලවළු වර්ග, පළතුරු, නිමි ඇදුම්, අත්කම් නිර්මාන සහ පාවහන් ආදිය මෙම වෙළද පොළ තුල දක්නට ලැබුණි. 

    සමෘද්ධි ලාභී අලෙවි කරුවන් සහ අඩු ආදායම් ලාභී අලෙවි කරුවන් මෙම පොළ සදහා වෙළද භාණ්ඩ එක්කර තිබුණි. එම භාණ්ඩ මිළදී ගැනීම සදහාද විශාල පිරිසක් පැමිණි සිටි අතර ඒ තුලින් සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද පොලට එක් වූ වෙළද ව්‍යාපාරිකයන් පැවසීය. එසේම වස විස නැති දේශීය ආහාර වර්ග මිළදී ගැනීමට හැකි වීමද පාරිභෝගිකයන්ගේ සතුටට හේතු විය. මෙම අලෙවි පොළ සෑම මසකම නිශ්චිත දිනයක් තුල පැවැත්වීමට විධායක සභාව තීරණය කර ඇති බව නියාගම සමෘද්ධි බැංකු විධායක සභාවේ සභාපති එම්.ජී. මිත්‍රපාල මහතා අප හා පැවසීය. ඒ අනුව සෑම මසකම විධායක සභාව පවත්වන දින මෙම පොළ පවත්වන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment