Friday, September 8, 2017

ඕකිඩ් වගාව කරැවන්ට එක්දින පුහුණුවක්


   අම්බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ  සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිතිය විසින් ඕකිඩ් වගාව පිළිබද සමෘද්ධි ප්‍රතිලාභින්  හා ඒ සදහා උනන්දුවක් දක්වන පිරිස් වෙනුවෙන් පවත්වන ලද එක් දින පුහුණු වැඩමුළුවක් පසුගියදා (07) දින අම්බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. මෙම වැඩමුළුව සදහා පනහකට (50) ආසන්න පිරිසක් සහභාගි වු අතර මේ වන විටත් ඕකිඩ් වගාව මගින් ආදයම් උත්පාදනය සදහා යොමු වී ඇති පිරිස් හා අමතර ආදායම්  මාර්ගයක් ලෙස මෙම ව්‍යාපාරය ආරම්භ කිරිමට බලාපොරොත්තු වන පිරිස් ද මේ සදහා සහභාගි වන ලදි.

  මේහිදි ඕකිඩි පැල බදුන් ගත කිරිමේ සිට අලෙවිය සදහා සුදානම් කිරිම දක්වා අවශ්‍ය  උපදේශන දායකත්වය අළුත්වල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ  කෘෂිකර්ම උපදේශිකා එම්.ජී.එස්. සමන්තිකා මහත්මිය විසින් ලබා දෙන ලදි. 

  ප්‍රදේශිය ලේකම් එච්.කේ. සරසි එස්. ගුණසේකර මහත්මියගේ මගපෙන්විම මත ප්‍රජාමුල බැංකු සමිති කළමණාකරු සුනිල් මල්ලියාවඩු, ව්‍යාපෘති කළමණාකරු උදය අනුරාධිනි අමරසිංහ මහත්මිය හා  ව්‍යාපෘති සහකාර බුද්ධික නන්දන මහතා සහභාගි විය.

ජේ.පී.රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment