Wednesday, September 6, 2017

සමෘද්ධි අරුණළු වැඩ සටහනින් අධ්‍යාපන චාරිකාවක්


     හික්කඩුව වැඩ බලන ප්‍රදේශිය ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මැතිතුමන්ගේ උපදෙස් හා මග පෙන්විම  මත හික්කඩුව  ව්‍යාපෘති කලමණාකරු එම්.ටි. අනෝමා  ශ්‍රීමති මහත්මිය හා මුලස්ථාන කලමණාකරු කේ.එච්. ගොතික් මහත්මිය තම සමෘද්ධි බල ප්‍රදේශයට අයත් සමෘද්ධි ප්‍රතිලාහින් 50 දෙනෙකුගේ කණ්ඩායමක් පසුගිය 31 වන දින ලබුදුව කෘෂි විදුහල වෙත  ක්ෂේත්‍ර  චාරිකාවක් සඳහා රැගෙන යන ලදි. 

     මෙහිදි කෘෂි විදුහලේ  විදුහල්පති ජි.ජි. වයලා ශ්‍යාමලි මහත්මිය විසින්  හෙළ බොජුන්හල නැරබිම, එහි දේශිය අාහාර නිෂ්පාදන් යොදන අාකාරය හා අාහාර අලවිය සම්බන්ධව ප්‍රයෝගික අභ්‍යාශයක් සමගින්  ප්‍රතිලාහින් දැනුවත් කරන ලදි. අනතුරුව නියෝජය අධයක්ෂිකා කේ.ජි. රංජනි මහත්මිය විසින් දේශිය පලතුරු වලින් ජැම්, චටිනි, බයිට්, පලතුරු බිම  අාදි කැම වර්ග පිලියෙල කරන අාකාරය  සම්බන්ධව  ප්‍රයෝගික අභ්‍යාස සමගින් දැනුවත් කිරිම කරන ලදි. 

    කෘෂි අායතනයේ  ගෙවත්ත නැරබීමටද මෙහිදි සිදු කරන ලද අතර වස විස නැති දේශිය අාහාර හාවිතය ප්‍රචලිත කිරිම එ් සඳහා අැති ඉල්ලුම වෙලඳ පොල පිළිබඳව ප්‍රතිලාහින්ට අත්දැකිමට අවස්ථාවක් ලබාදිම සමෘද්ධි අරුණළු වැඩ සටහන මගින් සිදු කරන ලදි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේද
හික්කඩුව

No comments:

Post a Comment