Friday, October 13, 2017

ඇල්පිටිය පවුල් 44 කට නව ආදායම් මාර්ග


     ඇල්පිටිය සමෘද්ධි බැංකු සමිතිය මගින් 2017 වසර සදහා ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාග්ධන උපකරණ බෙදා දීම පසුගියදා (12) ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    පවුල් 44ක් සදහා රැ ලක්ෂ 28 ක් වටිනා උපකරන මෙහිදී බෙදා දෙන ලදී. මෙම අවස්ථාව සදහා ඉඩම් හා පාර්ලිමෙන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරැනාතිලක මැතිතුමා, දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර, ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර, මුලස්ථාන කළමණාකරැ  තේජා දමයන්ති, බැංකු සමිති කළමණාකරැ ප්‍රේමිකා මල්කාන්ති, ව්‍යාපෘති කළමණාකාණිය ඇතුලු සමෘද්ධි නිලධාරීන්, කාර්යාලයීය නිලධාරීන් හා ප්‍රතිලාභීන් එක්විණි.

රංජන් අබේසේන
සමෘද්ධි ගමන විශේෂාංග සන්නිවේදක

No comments:

Post a Comment