Friday, October 13, 2017

පිං පලදීලා නිවසක් ලැබිලා


    යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 180A බෙරණාගොඩ වසමේ ටී.ජි. ආරියවති හා ටි.ජි. කරුණාවති යන දෙදෙනා අවු 73 හා 72 වන වයස්ගත අවිවාහක සමෘද්ධි සහනාධාර ලබන ඉතාම දුගි සහෝදරියන් දෙදෙනෙකි. මව් පියන්ට උරුමව තිබු අවු 100කට වඩා පැරණි මැටියෙන් සාදන ලද අබාවයට ගිය කඩාවැටිමට ආසන්න වු ආධාරක මුක්කු ගසා වහල නවතා තිබු පුංචි නිවසේ කාලය ගත කලේ කොයි මොහොතේ හිසට කඩා වැටේ දැයි බියෙනි.

   මෙම අක්ක නගෝ දෙදෙන සෑම පෝයකටම සිල් සමාදන් විම නොකඩවා සිදු කිරිමට වග බලා ගන්නා මොවුන් දෙදෙනා ඉන්නා අසරණ තත්වය දැනගත් යක්කලමුල්ල පිංකෙත  නම් භාවනා මධ්‍යස්ථානය නිර්මාතෘ ධනපති ශාසන කිර්ති ශ්‍රි එන්.එච්. චන්ද්‍රපාල මහතා මොවුන්ට නිවසක් සාදා දිමට ඉදිරිපත්විය.

    ඒ අනුව දින 75 ක් තුල කාමර දෙකක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, අංගසම්පුර්ණ නාන කාබරයක් සහිත නිවසක් සදා නල ජල පද්දතියක් සවිකොට නිවසට අවශ්‍ය ඇද, පුටු, කොට්ට මෙට්ට ,මුළුතැන්ගෙයට ගෑස් උදුනක් ඇතුලු උපකරන ලබා දෙන ලදි.

    මෙම දෙදෙනාට අලුත් ඇදුම් අන්දවා පසුගියදා සුභ මොහොතින් නිවස භාරදිම සිදු කරන ලදි. මෙම සත්ක්‍රියාව සිදු කල මැතිදුන්ට සමෘද්ධි ව්‍යාපාරයේ උපහාරය පුද කරමු.

ජේ.එල්. ගාමිණි
සමෘද්ධී සන්නිවේදක
යක්කලමුල්ල

No comments:

Post a Comment