Sunday, October 1, 2017

අද්‍යාත්මික සහජීවනය වෙනුවෙන් විශේෂ ආශිර්වාද පුජා පිංකමක්


  තම ප්‍රදේශවාසී ජනතාවගේ අද්‍යාත්මික සහජීවනය වෙනුවෙන් හබරාදුව අහංගම  බෝගහවත්ත විජයසුන්දරාම විහාරස්ථානයේ වාර්ෂික ව  සිදුකරන  විශේෂ ආශිර්වාද  පුජා  පිංකම මැලියගොඩ සමෘද්ධි ප්‍රජා මුල සමිතියේ දායකත්වයෙන් පසුගියදා  සිදුකෙරිණි . මෙහිදී එම  විහාරස්ථානය වෙනුවෙන් විශේෂ පිරිකර පුජවන් සිදුකෙරෙනු  අතර එහි  දායකත්වය  කොග්ගල සමෘද්ධි බැංකු කලමණාකාරිනි ජි.එච්. ප්‍රියානි මල්කාන්ති මහත්මිය අැතුලු කාර්ය මණ්ඩලය  හා මැලියගොඩ  සමෘද්ධි  ප්‍රජාව සහ ගම්වාසීන්  විසින් සිදුකරන ලදි. මෙවැනි  උදාර පිංකම් සිදුකරමින් ජනතාවගේ ජිවිත යහපත්  කිරීමට මගපෙන්වීමක් බැවින්  එවැනි වැඩසටහනක් සංවිධානය  කල එම වසම භාර සමෘද්ධි  සංවර්ධන  නිලධාරී  පත්ම කුමාර මහතාට  හා කොග්ගල  සමෘද්ධි  කලාප හා බැංකු නිලධාරීන් ට ආශිර්වාද  කරන ලදි.

එම්. ඉන්දිරා ලක්මාලි
සමෘද්ධි සන්නිවේදක
හබරාදුව

No comments:

Post a Comment