Sunday, October 1, 2017

ඌරගස්මන්හන්දිය සිංහ ජංගම සේවය

   ජාත්‍යන්තර සිංහ සමාජයේ අනුග්‍රහය මත ඌරගස්මන්හන්දිය 306A2 සිංහ සමාජය මගින් සංවිධානය කරන ලද සියළු සේවාවන් සහිත ජංගම සේවයක් යටගල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

  කෘෂිකාර්මික, අධ්‍යාපනික, සෞඛ්‍යය, ආරක්ෂක සහ පරිපාලන අංශවල සියළු සේවාවන් ගමට ගෙන ගොස් එක් ස්ථානයකදී ජනතාවගේ ප්‍රශ්ණ සහ ගැටලු වලට එවලේම විසදුම් සපයා දෙමින් දවස පුරා ජංගම සේවාව පැවැත්විමට කටයුතු යොදා තිබිණ.

   ජංගම සේවා භූමියේ අංක 1 පරිශ්‍රයේදී කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිය සේවාවන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයා තිබිණ. ප්‍රාදේශීය ලේකම් අයි.එස්. සමරකෝන් මහතා ප්‍රධාන කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේ සහභාගීත්වය සතියේ නිවාඩු දිනය වුවද මෙම සේවාව වෙනුවෙන් ලබාදීම අගය කලයුතුය.

   ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ආයතන, සැලසුම් අධ්‍යක්ෂ, රෙජිස්ට්‍රාර්, ඉඩම්, පුද්ගල හැදුනුම්පත්, සමාජ සංවර්ධන, සමෘද්ධි සංවර්ධන,  ග්‍රාමනිළධාරී, ආර්ථික සංවර්ධන අංශ වෙන වෙනම ස්ථානගත වී සිය සේවාවන් සපයා දීමට සූදානම්ව සිටියහ.

   කිසියම් හෝ සංවිධාන ඉදිරිපත්වී මෙවන් මහජන සේවාවන් සැලසුම් කරන්නේ නම් කොට්ඨාශයේ ඕනෑම ස්ථානයකදී තම කාර්යාලයීය සේවා ජාලය ඒ වෙනුවෙන් යෙදවීමට තමන් කටයුතු යොදන බව ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී පැවසීය.

   ජංගම සේවා භූමියේ සමෘද්ධි සංවර්ධන අංශයේද මූලස්ථාන සමෘද්ධි කලමණාකරු ඇතුළු නිලධාරීන් වෙතින්ද සැලකියයුතු පිරිසක් සහභාගී වී සේවාවන් සපයා ගන්නා අයුරු මෙහිදී නිරීක්ෂණය විය.

එල්.පී. වසන්ත කුමාර
සමෘද්ධි සන්නිවේදක
කරන්දෙණිය

No comments:

Post a Comment