Sunday, October 29, 2017

වැඩිහිටි දින උත්සවයට සමෘද්ධි අනුග්‍රහය


  ක්තෝබර් 01දිනට යෙදුනු ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු වැඩිහිටි සමිති ඒකරාශී කරගනිමින් වැඩිහිටි දින උත්සවයක් පසුගියදා නියාගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි. නියාගම ප්‍රාදේශීය ලේකම් නිලංගී ඩයස් මහත්මියගේ උපදෙස් මත කාර්යාලීය සමාජ සේවා අංශය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි. 

   මෙහිදී වැඩිහිටියන් විසින් විවිධ වැඩ සටහන් ඉදිරිපත් කරන ලදි. තම තරුණ වියේදී මෙන් සිය සහජ හැකියාවන් ඉදිරිපත් කිරීමට බොහෝ වැඩිහිටියන් සමත් වූ අතර එය බොහෝ දෙනාගේ විනෝදාස්වාදයටද හේතු විය. විවිධ නාට්‍ය, ගීත ගායනා සහ ස්වයං නිර්මාණ මෙම උත්සවය රස ගැන්වූ අවස්ථා විය. 

   නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනම  මේ සදහා සුවිශේෂී අනුග්‍රහය දක්වා තිබුණි. වැඩිහිටි සමිති වලට අමතරව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සදහා පැමින සිටියහ. පරිපාලන නිළධාරී, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන් ඇතුලු කොට්ඨාශයේ විවිධ වෘත්තිකයන් රැසක් මේ සදහා එක්ව සිටියහ. සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල මනෝරත්න මහතා මෙම උත්සවය සාර්ථක කර ගැනීම සදහා සුවිශේෂී දායකත්වයක් සපයන ලදි.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment