Tuesday, October 3, 2017

හික්කඩුව ප්‍රා.ලේ. නිලධාරීන්ට ශරීර සුවතා දැනුම


    හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් ඩි.එන්.පි. කලරත්න මැතිණියගේ මග පෙන්වීම යටතේ පරිපාලන නිලධාරී කේ. වරුනි කාංචනමාලා ඇතුලු සියලුම අංශ වලට අයත් නිලධාරීන්ගේ ශරීර සුවතාවය රැක ගැනීම සදහා අවශය ශරීර සුවතා පිළිබද ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් හා සායනික පරික්ෂාවක් පසුගියදා පැවැත්විණි.

    මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ක්‍රිඩා අමාත්‍යංශයේ  සුදත් ලොකුගේ මහත්මා, එච්.ජි. නිශාන්ත මහත්මා, බිමිසර නානයක්කාර මහත්මා, අාර්.එම්.අාර්. නිරෝෂන් මහත්මා අැතුලු  ක්‍රිඩා නිලධාරින් විසින් සිදු කෙරිණි. මෙහිදී නිරෝගිමත් ශරීර සෞඛ්‍යක් පවත්වාගෙන යාමට අදාල ශරීර සුවතා පිළිබදව සිය දැනුම් සම්භාරය ලබා දෙමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් නිලධාරින් දැනුවත් කරන ලදී.

   මෙම අවස්ථාවට සහභාගි වු නිලධාරීන්ගේ සිනී, රැදිර පිඩනය, උසට සරිලන බර පිළීබදව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආයතනයේ වෛද්‍යතුමා හා හොද කාර්යය මණ්ඩලය මගින් පරික්ෂාවට ලක් කෙරිනි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment