Monday, October 2, 2017

ලෝක ළමා හා වැඩිහිටි දින සමරුම් මා පිය වන්දනා වැඩසටහනක්........


  අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් සංවිධානය කල මා පිය වන්දනා වැඩසටහනක් ඹක්තොම්බර් (01) දින ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දි පවත්වන ලදි.

  මෙම වැඩසටහනේ විශේෂ දේශණය ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා විසින් පවත්වන ලද අතර එම දේශණය සමෘද්ධි කැකුළු ළමා සමාජ නියෝජනය කරමින් පැමිණි දුවා දරුවන්ගේ හා එම දෙමාව්පියන්ගේ සිත් ප්‍රබෝධමත් කරවන දේශණයක් වු අතර මාපිය වන්දනා වැඩසටහන හැගුම්බර අවස්ථාවක් වන ලදි.

  මේහි දි කැකුළු ළමා සමාජ තරග වලදි ප්‍රාදේශිය මට්ටමින් ජයග්‍රහණය හිමි ජයග්‍රහකයින් සදහා සහතිකපත් හා ත්‍යාග ප්‍රධානය කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රාදේශිය ලේකම් එච්.කේ. සරසි එස්. ගුණසේකර මහත්මිය හා පී.ද.එස්. කුලරත්න විද්‍යාලයේ නර්ථන අචාර්ය චනත් ගුණරත්න, සමෘද්ධි මුලස්ථාන කළමණාකරු ඩබ්.ඒ. නිහාල් චන්ද්‍රසිරි, බැංකු සමිති කලමණාකරු සුනිල් මල්ලියාවඩු, සමාජ සංවර්ධන නිලධාරි නෙවිල් කීර්තිරත්න හා සමෘද්ධි නිලධාරින් සහභාගි විය.

ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment