Sunday, October 1, 2017

නියාගම ඩෙංගු මඩින ශ්‍රමදානයක්


  මේ වන විට සීග්‍රයෙන් පැතිිර යන ඩෙංගු උවදුර වසංගතයක් බවට පත්වෙමින් ජීවිත විශාල ගණනක් බිලි ගෙන ඇත. ඒ නිසාම සෑම රාජ්‍ය ආයතනයකම නිරන්තර ශ්‍රමදාන පවත්වා අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ වගකීම අදාල ආයතන ප්‍රධානියාට පවරා ඇත.

  අනුව නියාගම සමෘද්ධි බැංකු පරිශ්‍රයද  ශ්‍රමදානයක් මගින් ශුද්ධ පවිත්‍ර කිරීම පසුගියදා සිදු කෙරුණි. ඒ සදහා ආයතනයේ නිළධාරීන් මෙන්ම 38 නියාගම, නියාගම දකුන සහ නියාගම බටහිර වසම් වල ප්‍රතිලාභීන්ද සහභාගී කර ගනිමින් එය සාර්ථකව සිදු කිරීමට හැකි විය. බැංකුව අවට තිබූ පොලිතින් සහ නොදිරන දෑ එකතු කොට එය පොලිතීන් ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට භාර දුනි. ඉන් පසු මෙම කලාපය පොලිතින් වලින් තොර කලාපයක් බවට පත් කරන බව කළමණාකාර තුමිය පැවසුවාය. බැංකුවේ ඉහල කොටසේ පිහිටි ඉඩම කිසියම් වගාවකට යොදා ගැනීමටත් ඒ තුලින් එම කොටස වල් බිහි වීම වලක්වා ගැනීම තුලින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර ගත හැකි බව ඇය වැඩි දුරටත් පැවසුවාය. මෙම ශ්‍රමදාන කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා සමෘද්ධි සංවර්ධන නිිළධාරීන් වන මල්ලිකා ගොඩකන්ද මහත්මිය   සහ මහේෂිකා කහවෙවිතාන මහත්මිය ලබා දුන් සුවිශේෂි සහයෝගය අගය කළයුතුය

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment