ජගත් ළමා හා වැඩිහිටි දිනය නිමිත්තන් සංවිධානය කල විශේෂ සත්කාරක වැඩසටහනක් හැටන් දික්ඔය ඩි.එම්.සි.සි ක්‍රිඩා පිටියේදි ඔක්තොම්බර් පළමුවෙනිදා දිනය පුරා පැවැත්වීය. මෙහිදි ළමයින් දහසක් දෙනා සදහා රුපියල් 250 ක් බැගින් තැන්පත් කල බැංකු පාස් පොත් බෙදාදිම, වැඩිහිටි කාන්තාවන් 25 ක් සදහා වියලි සලාක බෙදා දීම, වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් ඇස්, දන්ත හා අධිරුධිර පිඩනය පරික්ෂා කිරිමේ වෛද්‍ය සායනයක් පැවැත්විය.
එම අවස්ථාව හැටන් මුලස්ථාන පොලිසිය හා සිවිල් ආරක්ෂක සංගමය විසින් සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට හැටන් කොට්ඨාශ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස් ශ්‍රිධරන්, හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක මොහොමඩ් ජෙමිල් මහත්වරු අතුළු පිරිසක් එක්ව සිටියහ.
චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්
No comments:
Post a Comment