නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සදහා සත්කාරක ආයතන හදුන්වාදෙන විදාතා තාක්ෂණික සායනික සත්කාරය පසුගිය 26 වන දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්යා ශාලාවේදි පැවැත්විය.
විද්‍යා තාක්ෂණ හා පරයේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රයෙන් නුවරඑළිය දිස්ත්‍රික් විදාතා මධ්‍යස්ථාන එකතුව එක්ව සංවිධානය කල මෙම සායනික සත්කාරයේදි කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික ඉංජිනේරු පරයේෂණ හා සංවර්ධන ආයතනය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය, ලක්සල ආයතනය, අපනයන සංවර්ධන මණ්ඩලය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ආදි ආයතන රැසකගේ සේවා පහසුම් හදුන්වාදිම හා සේවා ලබාගන්නා ආකාරය පිළිබදව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, වලපනේ, කොත්මලේ හා හගුරංකෙත විදාතා මධ්‍යස්ථාන වලින් උපදේශකත්වය ලබන ව්‍යවසායකයින්ට හැකිවුහ.
මෙම අවස්ථාවට විද්‍යා තාක්ෂණ හා පරයේෂන අමාත්‍යාංශයේ සහකාර ලේකම් චතුරි ලියනගේ සම්පත් දායක ආයතන වල නිලධාරින් , අඹගමුව විදාතා මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි හේමාල් කවිරාජ ඇතුලු මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
චන්දන ජයවීර
සමෘද්ධි ගමන සන්නිවේදක
හැටන්
No comments:
Post a Comment