Sunday, October 29, 2017

ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ තේ පැළ


   නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2017 වසරේ ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ ග්‍රාම නිළධාරී වසම් වලින් තෝරා ගත් ප්‍රතිලාභීන් සදහා තේ පැළ ලබා දීම පසුගියදා සිදු කෙරුණි. මේ සදහා තේ පැළ ලබා ගැනීමේදි රජයේ ලියාපදිංචි තේ තවාන් කරුවන්ගෙන් මිළ ගනන් කැදවා තේ පැළ වල ප්‍රමිතිය පරික්ෂා කිරීමෙන් පසු හොදම තත්වයේ තේ පැළ සදහා අඩුම මිළ ගණන් ඉදිරිපත් කළ තේ තවාන් කරුවා හට ටෙන්ඩරය ලබා දී තිබුණි. නියාගම තේ ව්‍යාප්ති නිළධාරී තුමාගේ සහයෝගය මේ සදහා ලැබුණි. 

   නියාගම ප්‍රාදේශීය මහ ලේකම් නිලංගී ඩයස් මහත්මියගේ උපදෙස් මත නියාගම සමෘද්ධි මූලස්ථාන කළමණාකාර ප්‍රියංකා කොඩිකාර මහත්මිය විසින් ප්‍රතිලාභීන්ට තේපැළ ලබා දීම සිදු කළාය. ව්‍යාපෘති කළමණාකාර අනෝමා ප්‍රියදර්ශිකා මහත්මිය ඇතුලු සමෘද්ධි සංවර්ධන නිළධාරීන් කිහිප දෙනෙකුද මේ අවස්ථාව සදහා සහභාගී විය.

බී.එච්.ඒ. ප්‍රසන්න
සමෘද්ධි සන්නිවේදක
නියාගම

No comments:

Post a Comment