ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උක්වත්ත බටහිර ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ උක්වත්ත බටහිර සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනක් 2017 ඔක්තොම්බර් 12 දින දවස පුරා උක්වත්ත සණස ප්‍රජාශාලාවේදී පැවැත්විණි.
මෙහිදී කෘෂි නිෂ්පාදන යෙදවුම්, කෘෂි නිෂ්පාදන සදහා වෙලද පොල වැඩි දියුණු කර ගැනීම, කෘෂි නිෂ්පාදන නිසා දියුණු වූ ව්‍යාපාරිකයින්ගේ අත්දැකීම් පිලිබදව වැඩි දුර පුහුණුවක් ලබාදෙන ලදි.
සම්පත් දායකත්වය සභා ශ්‍රි ලංකා ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ දිනූෂ රාජරත්න මහතා විසින් ලබාදුන් අතර මෙම අවස්ථාවට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුලස්ථාන කළමණාකරු, ව්‍යාපෘති කළමණාකරු, සම්බන්ධීකරණ නිලධාරීන් වන ඒ.ඒ. ප්‍රේමතිලක, චමින්ද කුමාර යන නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය. ්
සමෘද්ධි සන්නිවේදක
ගාල්ල කඩවත් සතර
No comments:
Post a Comment